Breaking News
Home / දේශීය පුවත් / එජාපයේ නායකයා වෙනසක් නෑ. පෙර පැවති ලෙස නායකත්ව කමිටුවක්. නායලයාට තනි තීරණ ගන්න බෑ

එජාපයේ නායකයා වෙනසක් නෑ. පෙර පැවති ලෙස නායකත්ව කමිටුවක්. නායලයාට තනි තීරණ ගන්න බෑ

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලධාරීන්ගේ තනතුරු වෙනස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

අමාත්‍යවරුන් 11 දෙනෙකුගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 යුතුව මෙම කමිටුව පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (07දා) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මීට පෙරද කමිටුවක් පත්කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව අද පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

දැනට පවතින සෙසු තනතුරු ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත්, මහ ලේකම්, ජාතික සංවිධායක හා සභාපති තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් අද නම් කළ නායකත්ව කමිටුව අප්‍රේල් මස 30 වන දාට පෙර තීරණය කරනු ඇත.

About lanka

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!