Breaking News
Home / දේශීය පුවත් / එජාපයේ නායකත්ව මණ්ඩලය පිහිටවීම සුදානම්.කඩාකප්පල්කාරීන් ගෝඨා සමග හවුලකට සුදානම්

එජාපයේ නායකත්ව මණ්ඩලය පිහිටවීම සුදානම්.කඩාකප්පල්කාරීන් ගෝඨා සමග හවුලකට සුදානම්

ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම ස`දහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණය 16 බ්‍රහස්පතින්දා ගනු ලබයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවිමට යෝජිතය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී 16 පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නායකත්ව මණ්ඩලය පිහිටුවිම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතර අනුමැතිය විමසීමට නියමිතව පවතී.

පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා 16 අලූයම යළි දිවයිනට පැමිනේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ සියලූම මන්ත‍්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරණයට පසුව නොයෙක් මුහුනුවරින් කරලියට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය බ්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමත් සමගම විසදෙනු ඇතැයි හිටපු සභානායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විතව පිහිටුවන නායකත්ව මණ්ඩලය මගින් ජනාධිපතිවරණයේ නොලැබුන සිංහල බෞද්ධ, මධ්‍යම පන්තිය, ව්‍යාපාරික සහ ග‍්‍රාමීය ඡුන්ද යළිි පක්ෂයට දිනා ගැනීමේ ක‍්‍රමවේදය ඉදිරි සතිය ඇතුලත නායකත්ව මණ්ඩලය විසින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි පක්ෂයේ නිල මට්ටමේ ආරංචි මාර්ග පවසන්නේ.

එහෙත් සජිත් පිලේ මන්ත්‍රීවරු ප්‍රතිවිරිද්ධ අදහස් දක්වමින් සමාජ ජාලා වල සටහන් තබා ඇති අතර එම පිරිස 16 වනදායින් පසු වෙනම පක්ෂයක් නිර්මාණය කර එළබෙන මැතිවරණයට ඉදිරිපත්වී ගෝටාභය ජනපතිවරයා සමග හවුල් ආණ්ඩුවක් ගැසීමට මේ වන විට සාකච්චා කිහිපයක් පවත්වා ඇති බවත් එයට මහින්ද පිල විශාල විරෝධයක් හා කලබලයට පත්වීමක් වී ඇති බවයි පොහොට්ටු හා සජිත් පිලේ ආරංචි මාර්ග පවසන්නේ.

එහි ඉගියක් ලෙස පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස පැවසුවේ අගමැති වී තමන්ට ජනාධිපති සමග කටයුතු කල හැකි බවත් දෙදෙනාගේ වැඩි වෙනසක් නැති බවත් දෙදෙනාම අදින්නෙත් එකම වගේ නිසාත් හවුලේ ආණ්ඩුවක් කිරීම අපහසුවක් නැති බවයි.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!