Breaking News
Home / කාටූන් / එජාපයේ තනතුරු පත් කිරීම සහ ප්‍රතිසංවිධානය අළුත් අවුරුද්දේ දෙවන සතියේදී

එජාපයේ තනතුරු පත් කිරීම සහ ප්‍රතිසංවිධානය අළුත් අවුරුද්දේ දෙවන සතියේදී

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සහ තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම ජනවාරි මස දෙවන සතියේ දී සිදු කෙරෙයි. එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයින් විසින් සකස් කරනු ලැබූ ප්‍රතිසංවිධානය යෝජනා ඇතුළත් සියලු ලේඛන මේ වන විට පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී පවතී.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ගතයුතු පියවර ඇතුළත් යෝජනා ජනවාරි දෙවන සතියේ කැඳවන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන අතර ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන රැගත් දේශපාලන කටයුතු රටපුරා ඇරඹීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම් ද ඉහත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සිදුකිරීමට නියමිතය. මහ මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන සඳහා පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරිණි . ඒ අනුව රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ පක්ෂ ක්‍රියාකාරීන් දිවයිනේ දිස්ත්‍රික්ක පුරා ගොස් බිම් මට්ටමේ සිට ජනතාවගේ අදහස් විමසූ අතර ඉදිරියේදී පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු ආකාරය පිළිබඳව ජනතා යෝජනා ද ලබා ගත්තේය.

About article14

Check Also

මෙවර පොහොට්ටුවට තුනෙන් දෙක නැති බව බැසිල් විසින්ම පිළිගනී, සැලුන් දොර විවෘතයි

පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ (2) මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූව අතර එහිදී ඔහු පවසන්නේ 130 කට වඩා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!