Breaking News
Home / Video / එජාපයේ ජේෂ්ඨයෙක් නිසා කැබිනට් ඇමතිදුරයක් ඉල්ලා නාහෙන් අඩන රංගගේ පුතා හිටපු අමාත්‍යංශ කැබ් එක හැපු නිවසේ අසරණ ගෙහිමියා දුක කියූ හැටි

එජාපයේ ජේෂ්ඨයෙක් නිසා කැබිනට් ඇමතිදුරයක් ඉල්ලා නාහෙන් අඩන රංගගේ පුතා හිටපු අමාත්‍යංශ කැබ් එක හැපු නිවසේ අසරණ ගෙහිමියා දුක කියූ හැටි

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් ඊයේ(6) අලුයම අනතුරට ලක්වුනා.

සිද්ධියෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර සහ කැබ් රථයේ ගමන් ගත් ප්‍රාදේශීය සභාපතිවරයෙක් හලාවත මහරෝහලට ඇතූලත් කර ඇති බවයි ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළේ.

පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැදවූ කැබ් රථය ඔහු මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් රථයක් බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අතුරු මාර්ගයක සිට අද අලුයම පැමිණි කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කෝට්ටපිටිය මං සන්ධියේ පිහිටි නිවසක් තුළට කඩා වැදී තිබෙනවා.

සිද්ධියෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා බීමත්ව සිට ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අසරණ පවුල ඉල්ලා සිටින්නේ දැඩි ලෙස හානියට පත්වූ නිවාස අලුත්වැඩියා කර සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසයි

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!