Breaking News
Home / දේශීය පුවත් / එජාපයට සහය දීමට ඒකාබද්ධය තීරණය කරයි. මෛත්‍රීගේ හිතවතා ෆයිසර්ගේ සිමානිර්ණ වාර්තාව කොට උඩ. පළාත් සභා පැරණි ක්‍රමයටම

එජාපයට සහය දීමට ඒකාබද්ධය තීරණය කරයි. මෛත්‍රීගේ හිතවතා ෆයිසර්ගේ සිමානිර්ණ වාර්තාව කොට උඩ. පළාත් සභා පැරණි ක්‍රමයටම

පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්විම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.
සිමානිර්ණ කොමිෂන් සභා වාර්තාවට එරෙහිව ඡන්දය දිමට ඒකාබද්ධ විපක්ෂයද තිරණය කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ තිරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස්වූ අවස්ථාවේදී ගෙන ඇති අතර ඒකාබද්ධ විපක්ෂය එහි නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සවස විජේරාම මාවතේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි මෙම තිරණය ගෙන තිබේ.

මේ පිළිබඳ විවාදය හෙට පෙරවරුවේ සිට පැවැත්වෙන අතර ඡන්ද විමසිම සවස 6.00 ට පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තුවේ බලය හිමි එක්සත් ජාතික පෙරමුණ ගනු ලැබු තීරණ අනුව හා විපක්ෂයේ වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සිටින ඒකාබද්ධ විපක්ෂය ගනු ලැබු මෙම තිරණය අනුව සිමානීර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පසුබිම යටතේ නව පළාත් සභා ඡන්ද විමසිම් පනත යටතේ නව පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්විමට නොහැකි වනු ඇත.

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!