Breaking News
Home / දේශීය පුවත් / එක මේසේ කෑම කෑවත් කථා කරන්නේ නැති අරුම පුදුම මාමයි බෑනයි

එක මේසේ කෑම කෑවත් කථා කරන්නේ නැති අරුම පුදුම මාමයි බෑනයි

තමන් තමාගේ දියණිය හා බෑණා සමග එකම මේසයක හිඳ සෑම රාත‍‍්‍රීයකදීම ආහාර ගත්තද කිසිම දිනෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව සාකච්ඡා කර නැතැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පවසා තිබේ.

ජනාධිපති නීතීඥ රෝමේෂ් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තම දියණිය විවාහ වු පසු තමාට අයත් කොළඹ 07 ‘මල් පාරේ’ නිවස ඇයට දුන් බවත් එම නිවසේ තම දියණිය හා බෑණා සමඟ තමන් පදිංචිව සිටින බවත් පැවසීය.

සෑම දිනෙකම රාත‍‍්‍රීයේදීම තම දියණිය හා බෑණා සමඟ තමන් රාත‍‍්‍රී ආහාර ගන්නා බවත් ඒ අවස්ථාවේදී එදින සිදුවු සිද්ධීන් ඇතුළු විවිධ දේ ගැන සාකච්ඡා කළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව කිසිම දිනෙක සාකච්ඡා කර නැති බවත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොමිසම හමුවේ පවසා ඇත.

 

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!