Breaking News
Home / දේශීය පුවත් / එක දිනකදී පාසල් ක්ෂේත්‍රයට වාර්තාගත ගොඩනැගිලි 500 ක් එක් වෙයි

එක දිනකදී පාසල් ක්ෂේත්‍රයට වාර්තාගත ගොඩනැගිලි 500 ක් එක් වෙයි

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පැවරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් (09) දින කහතුඩුව, වෙනිවැල්කොළ “ශිෂ්‍යෝදා” විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබඳ ජාතික ආයතනයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර එහිදී එක දිනකදී ගොඩනැගිලි 500 ක් ජාතික අධ්‍යාපනයට එකතු කිරීමට සමත් වුනා. එය සැලකෙන්නේ ශ්‍රී ලංකා රජයක් විසින් එක දිනකදී අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතු කල වැඩිම ගොඩනැගිලි ප්‍රමාණය ලෙසයි.

මෙම උත්සවය ඇමතු අගමැතිවරයා පවසන්නේ 2017 වසරේ ගොඩනැගිලි 100 ක් 2018 වසරේ ගොඩනැගිලි 300 ක් එසේම මේ වසරේ එක දිනකදී ගොඩනැගිලි 500 එකවර විවෘත කිරීම අධ්‍යාපනයේ කල පෙරලියක් බවයි. මේ වන විට 2015 යහපාලන ආණ්ඩුව පත්වී වසර 4 ඇතුලත ගොඩනැගිලි 1000 කට වඩා පාසල් වලට අලුතින් එක් කර තිබෙනවා.

එසේම අගමැති පවසන්නේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව වසරකට පාසල් වලට අලුතින් ගොඩනැගිලි 100 ක් වත් එක් නොකළ බවයි. එක දිනකදී ගොඩනැගිලි 500 ක් එක් කිරීමට හැකිවීම තම ආණ්ඩුව කුමක් කලාද යන්නට හොද උදාහරණයක් බවයි පවසන්නේ. මෙම ගොඩනැගිලි අතර තොරතුරු තාක්ෂණ විද්‍යාගාර, විද්‍යාගාර, පන්තිකාමර, ස්මාර්ට් පන්තිකාමර, සමන්ත්‍රනශාලා ඇතුළු විවිධ වර්ගයේ ගොඩනැගිලි අයත්.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!