Breaking News
Home / දේශීය පුවත් / එකේ අයිතිය 16% ක් නිසා රටේ තෙල් නැතිවෙන්න පුළුවන්ද? මෙන්න රණතුංගලාගේ තෙල් කුමන්ත්‍රණය සාක්කි එක්ක හෙළිවේ

එකේ අයිතිය 16% ක් නිසා රටේ තෙල් නැතිවෙන්න පුළුවන්ද? මෙන්න රණතුංගලාගේ තෙල් කුමන්ත්‍රණය සාක්කි එක්ක හෙළිවේ

LankaEnews Report…

අවශ්‍ය තරම් පෙට්‍රල් සංචිත තිබෙනවා යයි කීවද දින 4 ක් ගත වීද විසඳුමක් නැති පෙට්‍රල් හිඟයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ රණතුංග සොයුරන් බවත් ඔවුන් සිතා මතා මේ අර්බුදය ඇති කරන ලද්දක් බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ඉන්දියානු තෙල් සමාගම ආනයනය කළ නැවේ තෙල් අයත් TOTAL නමැති ප්‍රංශ සමාගමෙන් රණතුංග දූෂිතයන් විසින් කප්පම් ඉල්ලා ඇති අතර එවැන්නක් නොලැබීම නිසා TOTAL සමාගමට පාඩමක් උගැන්වීම පිණිස ඔවුන්ගේ තෙල් බාල තෙල් යයි (තෙල් වල මන්ඩි වැනි කුඩා කොටස් අඩංගු යැයි) ව්‍යාජ සහතිකයක් නිකුත් කිරීම නිසා කිසිදු වරදක් නොමැති තෙල් නැව ප්‍රතික්ෂේප කර ඇත. TOTAL සමාගම කෙතරම් විශාල සහ ගෞරවනීය සමාගමක් ද යත් ඔවුන්ගේ වාර්ෂික ආදායම ලංකාවේ මුළු රටේම සමස්ථ වාර්ෂික ආදායම මෙන් 4 ගුණයකි. එවැනි සමාගම් අර්ජුනලා වැනි තක්කඩි දූෂිතයන්ට කප්පම් ගෙවා බිස්නස් පවත්වාගෙන යන වර්ගයේ සමාගම් නොවේ. TOTAL තෙල් නැව තංගල්ල මුහුදේ තවමත් නවතා ගෙන සිටින්නේ ව්‍යාජ සහතිකය ඛනිජ තෙල් සංස්ථාවෙන් නිල වශයෙන් නිකුත් කර නොමැති බැවිනි. බොරු සහතිකයක් නිල වශයෙන්ම නිකුත් කළ හොත් එයද ඛනිජ තෙල් සංස්ථාවේ විනාශයට බලපානු ඇත.

TOTAL සමාගම ඉන්දියානු තෙල් සමාගමට එවූ තෙල් නැව ප්‍රතික්ෂේප කළද ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නැත්තේ ඉන්දියානු සමාගම ආවරණය කරන්නේ ලංකාවේ ඉන්ධන පරිභෝජනයෙන් 16% ක් තරම් සොච්චමක් නිසාය. ගැටළුවක් නිර්මාණය කිරීම සඳහා රණතුංග දූෂිතයන් කර ඇත්තේ තමන් ආනයනය කළ Neverska Lady නැවට තෙල් පැටවීම සිතා මතා ප්‍රමාද කිරීමයි.

මේ දූෂිත සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු සැපයූ අදාල පුද්ගලයන් පරීක්ෂකයන් ඉදිරියේ ද සාක්කි දීමට ඉදිරිපත් වනු ඇති බව අපි වගකීමකින් කියමු.

අර්බුදය පැන නැගීමෙන් පසු රණතුංගලා විසින් විටින් විට කරන ලද ප්‍රකාශ එකිනෙකට පරස්පරය. ඔවුන් මුලින් කීවේ ඉන්දියානු සමාගමට තමන්ගේ තෙල් නැවක් ලබා දීම නිසා තමන්ට තෙල් හිඟ වූ බවයි. එය සත්‍යයක්ම වුවත් ඉන්දියානු සමාගමට දුන් තෙල් ලංකාව තුල සංසරණය වීම නිසා තෙල් හිඟයක් ඇති විය නොහැකිය. නමුත් ඔවුන් කීවේ බොරුවකි. එවැනි තෙල් නැව් හුවමාරුවක් සිදුව නැත. ඊලඟට රණතුංගලා ඊයේ 6 වෙනිදා තෙල් නැවක් ලඟා වන බව කී නමුදු එයද බොරුවකි. ලංකා ඊ නිව්ස් 4 වෙනිදා ඔප්පු කර පෙන්වූයේ Neverska Lady නැව ලංකාවට ලඟා වන්නේ ලබන 9 වෙනිදාට එළිවෙන රාත්‍රී 12.30 ට බවයි. ඒ අනුව තෙල් සංසරණය යථා තත්ත්වයට පත් විය හැක්කේ 11 වෙනිදා වන විට ය. එනම් තව දින 4-5 ක් ගත වෙද්දීය. මේ තරම් දිගු කාලයක් රටක ඉන්ධන හිඟයක් ඇති වීමට නිසැකවම මේ ඇමැතියා සහ ඔහුගේ සොයුරු සභාපතියා සම්පූර්ණයෙන්ම වග කිව යුතුය.

ඒ මදිවාට මොවුන් ගන්නා තීන්දු නිසා තව තවත් ජනතාව අපහසුතාවයට පත්වේ. ඉන්ධන පෝලිම් ඇතිවෙද්දී මොවුන් නීති පනවන්නේ බෝතල් කෑන් වලට ඉන්ධන සැපයීම නතර කරන ලෙසයි. අතරමග ඉන්ධන නොමැතිව නතර වන වාහනයක් රණතුංගගේ රෙද්ද අස්සට තල්ලුකරගෙන ආ යුතු යැයි ද මොවුන් නීති පනවනු ඇත.

බොර දියේ මාලු බානවා සේ ඉන්ධන හිඟය අතරේ මාසයකට වතාවක් වර්ජන කරන දුම්රිය රියැදුරු සංගමය දින දෙකක වර්ජනයක් දියත් කරන බවට තර්ජනය කර තිබේ. එම දුම්රිය සංගමයේ නායකයන් වන්නේ පරාජිත රාජපක්ෂවාදීන්ය.

රණතුංග දූෂිතයන්ද ආණ්ඩුවේ හිඳිමින් යටින් රාජපක්ෂලාට සහාය දක්වන්නෝ බව මීට පෙර හම්බන්තොට වරාය සිද්ධියේ දී මොනවට ඔප්පු කර තිබේ. හම්බන්තොට වරායට එරෙහිව වරාය සේවකයන් කුලප්පු කෙළේද අර්ජුන සහ ධම්මික දෙදෙනා ය.

තම පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් රටක් ජනතාවක් ආණ්ඩුවක් විනාශය කරා යොමු කරන රණතුංගලා රටක වගකිව යුතු තනතුරු දැරීමට නුසුදුස්සෝ වෙති. ආණ්ඩුව කරගෙන යෑමට අවශ්‍ය නම් මොවුන් වහාම මෙම තනතුරු වලින් අල්ලා අස්කළ යුතුය. එසේත් නැතිනම් අගමැතිවරයා නිතර කියන ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික මධ්‍යස්ථානයක් කිරීම නිකම්ම නිකම් හිතලුවක් පමණක් වනු ඇත.

lankaenews.com

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!