Breaking News
Home / දේශීය පුවත් / එකවරම කුඹි ලෝලීන්ගේ මනස ගල් කරපු මල්දෙනිය කියන්නේ අතීතයේ ධනපතියකු වූ බණ්ඩාරනායක 1952 විපක්ෂ නායක වී සිටියදී කල දේශපාලන ගේම

එකවරම කුඹි ලෝලීන්ගේ මනස ගල් කරපු මල්දෙනිය කියන්නේ අතීතයේ ධනපතියකු වූ බණ්ඩාරනායක 1952 විපක්ෂ නායක වී සිටියදී කල දේශපාලන ගේම

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, 1951 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1952 මහ මැතිවරණයට අත්තනගල්ල ආසනයෙන් තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද ඔහු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන නවයක් පමණි.

එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොවුනද, එතුමන්ට විපක්ෂනායක ධූරය හිමිවීමට තරම් ප්‍රමාණවත් විය..

1952 වර්ෂයෙන් වසර “හතරකට” පසු එනම් 1956 මහමැතිවරණයට, බණ්ඩාරනායක මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත්නොවී, එවකට ජනප්‍රිය “කම්කරු පක්ෂයන්” වූ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට්ස් පක්ෂය සමග සන්ධානගතව “මහජන එක්සත් පෙරමුණ” යටතේ ඉදිරිපත්විය.

එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගත් අතර එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් මෙරට සිවුවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්විය.

Image result for swrd bandaranaike property

අක්කර හාරසිය ගණන්වල වතුපිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ.

Image result for swrd bandaranaike property

ඒ ඇඳුම් පැලඳුම්, ඒ උපැස් යුවල, ඒ විලාසය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

Image result for swrd bandaranaike property

රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන රංගන ශිල්පියෙක් සොයාගැනීම එතරම්ම ගැටළුවක් නොවූ යුගයක, ලක්මාල් ධර්මරත්නයන්, බණ්ඩාරනායක චරිතයට සමාන (අති දක්ෂ) පීටර් ද අල්මේදාව යොදාගැනීම සම්බන්ධයෙන්ද මට ගැටළුවක් ඇත.

Image may contain: 1 person, sitting

 

තර්කයක් නැත.. කාල වකවානු වෙනස්ය.. එක හා සමාන සිදුවීම් ඉතිහාසය පුරාවට සිදුව ඇත.. සිදුවෙමින්ද ඇත..

කූඹියෝ තුල, ඉතිහාසය රැව් පිළි රැව් දෙනවාද?

ප්‍රදීප් ප්‍රේමලාල්

(උපුටා ගැනීම අවසන්..)

මෙය තවත් එක පැතිකඩක් වන අතර අතීතය නැවත නැවත වර්තමානයේ හා අනාගතයේ ලියවනවා යන්න අප දන්නා නිසා මිට සමාන සිද්දීන් මෑත කාලින දේශපාලනයේ සිදු වී තිබේ. මෙහි පිටපත ලියු නිර්මාණකරුවන් යම් ආශ්‍රයක් අනුව ගොඩනැගු කතාවක් විය හැකි අතර සමහරක් විට සිද්දීන් ගණනාවක් එක කර කල නිර්මාණයෙන් තවත් සිද්දීන් කිහිපයකට නොදැනුවත්වම සමාන වුවාදැයි අප නොදනී.

කෙසේ වෙතත් මෙම කතාන්දරය අවසානේ නිර්මාණකරුවා යම් ආශ්‍රිත උපුටා ගත්තානම් එය හෙලිකරනු ඇතියි විශ්වාස කල හැකි. මෙහි ඇත්ත නැත්ත දන්නේ මෙහි නිර්මාණකරුවා පමණක් වන අතර අපගේ රසය වැඩි කිරීමට මෙවන් සන්සන්ධනයන් කිරීම උපකල්පනයන් හේතුවක් වෙයි

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!