Breaking News
Home / Video / එකට ආණ්ඩුවේ ලගින ගමන් ආණ්ඩුවේම ඉන්න එජාපයට එරෙහිව නල්ලතන්නි ඩිලාන් උසාවි යයි

එකට ආණ්ඩුවේ ලගින ගමන් ආණ්ඩුවේම ඉන්න එජාපයට එරෙහිව නල්ලතන්නි ඩිලාන් උසාවි යයි

හාලිඇල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ඩිලාන් පෙරේරා අද ප්‍රකාශ කළා.

එසේම මැතිවරණ සමයේ සිදු විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරගැනිමට පොලිසිය යෙදවීම සහ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සාකච්ජාවක්ද අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේදී පැවත්වුනා.

ඊට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ඇතුලූ නිලධාරීන් සහභාගි වී සිටියා.

නාමයෝජනා භාරදීමෙන් පසු පැවැත්වුණු පෙලපාලි 07 ක් සම්බන්ධයෙන් ද නිතිය ක්‍රියාත්මක කිිරිමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර අම්පාර නගරයේ පිහිටි පොදුජන පෙරමුණට තරග කරන අපේකෂයෙකු ගේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් අලි වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායකද අද එම ස්ථානයට පැමිණියා.

මේ අතර ධීවර අමාත්‍යාංශ මගින් ධීවරයින්ට රුපියල් 50000 බැගින් නිවාස ආධාර චෙක්පත් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිිණිලි ලැබී ඇති බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කලා.

මාතලේ, ලග්ගල සහ දඹුල්ල ප්‍රදේශයේ තෝරාගත් පිරිසකට මෙම ආධාර ලබා දෙන බවටයි පැමිණිලි ලැබි ඇත්තේ.

 

 

About article14_2

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!