එක්දින තරග 5කින්, එක් විස්සයිවිස්ස තරගයකින් සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම මේ වසරේ ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
එක්දින තරගමාලාව ඔක්තෝම්බර් මස 10 වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලියේ තරග දෙකක් දිවා තරග හා තරග තුනක් දිවා/රාත්රිලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලියේ පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේදී ඔක්තොම්බර් 27වැනිදා පැවැත්වීමට නියමිත අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඔක්තෝම්බර් 06 වැනිදා ආරම්භ වෙයි
ඒ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.