Breaking News
Home / ක්‍රිඩා / එංගලන්ත උප නායක බෙන් ස්ටෝක්ස් සහ හේල්ස් නයිට් ක්ලබ් ගැටුමකින් අත් අඩංගුවට

එංගලන්ත උප නායක බෙන් ස්ටෝක්ස් සහ හේල්ස් නයිට් ක්ලබ් ගැටුමකින් අත් අඩංගුවට

සදුදා(25) දිනයේ රාත්‍රියේ රාත්‍රි සමාජ ශාලාවකට ගිය එංගලන්ත සුපිරි පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස් සහ බෙන් ස්ටෝක්ස් එහි ගැටුමක් ඇති කරගෙන පුද්ගලයකුට ස්ටෝක්ස් විසින් රෝහල් ගත වීමටම පහර දී තිබෙනවා. ඔවුන් එදින රාත්‍රියේ පොලිස් අත් අඩංගුවේ පසුවී තිබෙනවා.

කෙසේ වෙතත් පසු දින උදෑසන නිදහස් වුවත් ඔවුන් දෙදෙනාට අද(27) පැවැත්වෙන තරගය තහනම් කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ඩෘ ස්ට්‍රෝස් පවසන්නේ මොවුන් හරි හැටි පුහුණු වීම් වලට සහභාගි නොවී මෙවන් ක්‍රීයාවක නිරත වීම කනගාටුවක් බවයි. අළුබදුන තරගාවලියට තේරීම් කිරීමට සිටින විට මෙය සිදුවීමද ඔවුන්ට විනය ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු අහිමි වීමටද ඉඩ ඇති බවයි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ රාත්‍රී ජීවිත හෙලිවීම ඔබට මතක ඇති. ඔවුනුත් යම් සිදුවීමක් සිදුවන තුරු ආරක්ෂිත වුවත් එවැනි ස්ථානයක මෙවැනි කලබලයක් සිදු වූවහොත් එදිනට සමහරවිට සදාකාලිකව ක්‍රිකට් ජීවිතය නැතිවී යා හැකි බව ඔවුන් දැන්වත් අවධාරනය කර ගත යුතුයි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!