Breaking News
Home / දේශීය පුවත් / එංගලන්තයෙ රෝහල් අපද්‍රව්‍ය ඇතුළු විෂබීජ ඇතුලත් කන්ටේනර් ගෙනවිත් ඇත්තේ 2017 සිටලු

එංගලන්තයෙ රෝහල් අපද්‍රව්‍ය ඇතුළු විෂබීජ ඇතුලත් කන්ටේනර් ගෙනවිත් ඇත්තේ 2017 සිටලු

දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ2013-07-30 දිනැති අංක 1818-30 දරණ ගැසට් පත‍්‍රය අහෝසි කරන ලෙසත් ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් රටහමුවේ අනාවරණයකර ඔවුන්ට දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලීම ලෙස සමස්ත ලංකා රේගු සේවාසංගමය ලේකම් විසින් මුදල් ඇමති මංගලට ලිපියක් යවා තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරණ ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී තිබේ.

කටුනායක නිදහස් වෙළඳ කලාපය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ පිහටුවන “Hub” තුලට නිදහසේ භාණ්ඩ අපනයනය කිරීමට මේමගින් ඉඩකඩ විවරවුනි.

රටට මහත් ව්‍යසනයක් වියහැකි දැනට රේගුව විසින් අනාවරණය කරගෙන ඇති අපද්‍රව්‍ය අඩංගු බහාලූම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයේ ප‍්‍රතිපාදන යොදාගනිමිනි. ඒවාගෙන්විත් ඇත්තේ 2017 වසරේදී වන අතර එලෙසගෙන්වන ලද බහාලූම් සැලකියයුතු ප‍්‍රමාණයක් මේ වන විටත් වරායෙන් මුදවාගෙන කටුනායක පිහිටි “Hub” තුලට ගෙනගොස් ඇතිබව තහවුරු කරන ප‍්‍රවෘත්තියක් 2017-07-12 වන දින රාත‍්‍රී 10ට පමණ එක්තරා විද්‍යුත් නාලිකාවක් මගින් විකාශනය කරන ලදි. එම නිසා රටේ ජනතාවත් එහි පාරිසරික පද්ධතියත් විශාල අනතුරකට ලක්වී ඇති බව අපේ අදහසයි.

මෙම අප ද්‍රව්‍ය අඩංගු බහාලූම්වලට අමතරව මීට ඉහත දී වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස ප‍්‍රති අපනයනය කල ජාවාරම්කරුවන් අපගේ ගම්මිරිස් වෙළඳපල විනාශකරන ලද්දේ ද මෙම ගැසට් පත‍්‍රයේ ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමිනි.

ඒ අනුව මෙම ගැසට් පත‍්‍රය තුලින් ඇත්තටම සිදුවී ඇත්තේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසනවා වෙනුවට අපගේ රටත්, ජනතාවත්, ආර්ථිකයත්, පාරිසරික පද්ධතියත් විනාශ කිරීම සඳහා ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘත කිරීමයි.

එම නිසා මෙම ගැසට්නිවේදනය වහාම අවලංගු කරන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ සියලූමදෙනා රට හමුවේ අනාවරණය කර ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.

ප‍්‍රශ්නකාරී ගැසට් නිවේදනයේ පිටපතක්, ඊටඅදාල දෙපාර්තමේන්තු නියෝගයේ පිටපතක් හා අපද්‍රව්‍ය බහලූම්වලට අදාල waybill පිටපතත් ඔබතුමාගේ පහසුව පිණිස මේ සමග ඉදිරිපත්කරමු. (ස්තූතියි මෙයට ජේ.ඒ.ගුණතිලක ප‍්‍රධානලේකම් සමස්ත ලංකා රේගු සේවාසංගමය පිටපත්: රේගු අධ්‍යක්‍ෂක ජනරාල්තූමිය ශ‍්‍රී ලංකාරේගූව)

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!