Breaking News
Home / දේශීය පුවත් / ඌව පළාත් මහා ඇමති චාමරගේ අක්‍රමිකතා ගැන වසර දෙකක් එකදිගට ප්‍රශ්නයක් ෆයිසර්ගෙන් ඇහුවත් වසර දෙකේම ප්‍රශ්නෙන් පැනලා ගිහින්

ඌව පළාත් මහා ඇමති චාමරගේ අක්‍රමිකතා ගැන වසර දෙකක් එකදිගට ප්‍රශ්නයක් ෆයිසර්ගෙන් ඇහුවත් වසර දෙකේම ප්‍රශ්නෙන් පැනලා ගිහින්

ඌව පළාත් සභාවේ ඇති වූ අක්‍රමිකතාවයන් පිළිබඳ කළ විගණනය පිළිබඳව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මීට වසර දෙකහමාරකට පෙර අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබාදිමට නැවත වරක් කල් ගැනිම නිසා පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ මන්ත්‍රීවරයා අතර පාර්ලිමේන්තුවේදි උණුසුම් විවාදයක් ඇතිවිය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු නොදෙන්නේ මන්දැයි ඇසු චමින්ද විජේසිරි මහතා තමන් මේ ප්‍රශ්නය මතු කරන්නේ විගණනයක් ගැන යැයි ද කීවේය. ඇමතිතුමාත් කල් ගන්නවා රාජ්‍ය ඇමතිතුමියත් කල් ගන්නවා යැයිද මන්ත්‍රීවරයා කීය.

අද ප්‍රශ්නය ඉදිරිපත් කළාමත් සති දෙකක් කල් ඉල්ලනවා. ඔබතුමා දෙන්න ඕන පිළිතුර මගේ ලග තිබෙනවා. මේ ප්‍රශ්නයට පිළිතුරත් මමම කියවලා අතුරු ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්නද ? මේ ප්‍රශ්නයට අවුරුදු දෙකහමාරක්

අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා – අවශ්‍ය කරන ලේඛන දෙන්න සති දෙකක් දෙන්න මම උත්තරය දෙන්නම්. ඔබතුමා මේ ප්‍රශ්නය කලිනුත් අහලා තියෙනවා. මම පිළිගන්නවා අවශ්‍ය ලේඛන දුන්නහම මම උත්තර දෙන්නම්.

මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන්. ඒත් දැන් අවුරුදු දෙකහමාරක්. මේක අහන්නේ විගනන විමසුමක් ගැන. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඇමතිතුමා දෙන්න ඕන පිළිතුරු ඔබතුමා ලග තියෙනවා කියලාද කියන්නේ.

මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා – ඔව් පසුගිය වාරයේදි කතානායකතුමා කිව්වා මේකට උත්තරය දෙන්න කියලා. අවශ්‍ය නම් මමම උත්තරය කියවලා ප්‍රශ්නය අහන්නම්.

ඇමති – සවිස්තර උත්තරයක් දෙන්න සති දෙකක් දෙන්න.

මන්ත්‍රීවරයා – සති දෙකක් කල් ඉල්ලූවට ආයේ මාස 06 ක් පසුවයි මේක එන්නේ. මෙය බරපතල ප්‍රශ්නයක්. එහෙම කියලා මේක මඟ හරින්න එපා.

නියෝජ්‍ය කතානායක – අවසාන වතාවට මේකට ඉඩ දෙන්න. ඇමතිතුමා පෞද්ගලිකවම භාරගත්තා මේක සති දෙකකින් පිළිතුරු දෙනවා කියලා. ඒකට අවස්ථාව දෙන්න.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!