උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ විටින් විට සිදුවූ ජල කාන්දුව හෙතුවෙන් ආපදාවට ලක්වී ඇති බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අවට පිරිස් වෙත සහන සැලසීම සදහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ජනාධිපති තුමන්ගේ අනුමැතිය ලබාගෙන තිබෙනවා( 2017(01(03 දින පැවති උමාඔය නිසා පීඩාවට පත්වූවන් සහ බලධාරීන් අතර රැස්වීමෙන් පසු යෝජනා වූ යෝජනා කීපයක් මෙයට අයත් බවයි සදහන් වෙන්නේ(
දැනට නිවාස ආපදාවලට ලක්වූවන්ට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තාවකාලිකව රජයේ නිලනිවාස වල තාවකාලිකව පදිංචි කිරීමටත් පූර්න ලෙස නිවාස ආපදාවට ලක්වූවන්ට බණ්ඩාරවෙල ක්‍රේග් වත්තෙන් අක්කර 50 ක නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා(
පවුල් 1159 ට බවුසර් 23 යොදා අඛන්ඩව පානිය ජලය ලබා දීමටත් මකුල් ඇල්ල වෙහෙරගලතැන්න කුරුදුගොල්ල පවුල් 2400 ට ජල යෝජනා ක්‍රමයක් 2017(02(28 වන විට අවසන් කරීමට නියමිතයි(
තවද 2016(12(31 පැවති කමිටු රැස්වීමෙන් පසු යෝජනා කීපයක් සම්මත වී ඇත(
ලීටර 200 හා 500 ජල ටැංකි බෙදාදීම හදිසි ආපදා තත්වයක් මතුවූවොත් බිදුණුවැව විද්‍යාපීඨය යොවුන් සේනාංකයට අදාල නිවාඩු නිකේතන සූදානම් කර තැබීම ආපදාවට ලක්වූ අයට නැවත ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී රු17000 ක ගාස්තුව මුදා හැරීම දැඩි අවදානම් සහ පූර්න හානි වූ ඉඩම්වලට වන්දි ගෙවා රජයට පවරාගැනීම ආපදාවන්ට ලක්වූවන්ගේ වගානය කපා හැරීම වැනි යෝජනා වලට ජනපතිතුමන්ගේ අනුමැතිය ලැබී ඇත(