Breaking News
Home / ක්‍රිඩා / “උපුල් හුදකලාවූ සුපිරි දක්ෂයෙක්, තිසරට කිසි අංශයකින් දස්කම් නෑ. නායකයා නිසා අයින් කරන්න බෑ” ක්‍රිකට් වෙබ් අඩවියක් හෙළිකරයි

“උපුල් හුදකලාවූ සුපිරි දක්ෂයෙක්, තිසරට කිසි අංශයකින් දස්කම් නෑ. නායකයා නිසා අයින් කරන්න බෑ” ක්‍රිකට් වෙබ් අඩවියක් හෙළිකරයි

ජූලි මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසද, එක්දින තරගාවලිය 5-0 ක් ලෙසද, විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙසද ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට 2017 වසර තුළ සිට රටේදී හිමි වූ දැවැන්තම පරාජය අත්කර දුන්නේය. තරගාවලියේ අවසන් වාර්තාව වූයේ ශ්‍රී ලංකාවට 0-9 ක පරාජයකි.

අගෝස්තු මාසය පුරා මෙටරදී ඉන්දීය කණ්ඩායමෙන් හොඳ හැටි බැට කෑ ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මාසයේදී නැවනත් ඉන්දියාව සමග තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා ගියේය. කෙසේ වුවත් මෙරටදී පැවැති තරගාවලියේදී තරම් දැවැන්ත පරාජයට ලක්වීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේදී හැකි විය.

එහිදී තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස අවසන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජය ගනිමින් එක්දින තරගාවලියද 2-1 ක් ලෙස අවසන් කරගත්තේය. කෙසේ වුවත් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට එලව එලවා පහරදුන් ඉන්දීය පිතිකරුවෝ විස්සයි20 තරග 3 ම ජයගත්තේ වාර්තා රැසක්ද පිහිටුවමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟාවලියේ පසු විපරමක් ක්‍රික්බස් වෙබ් අඩවිය විසින් පළකර ඇති අතර කණ්ඩායම් දෙකම තරඟාවලිය තුල කලදේ තුල ඇති ගුණදොස් පිලිබඳව ඔවුන් මෙලෙස පසු විපරම සිදු කර ඇත.

තරඟාවලියේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රගතිය ගැන මෙම වාර්තාවේ දැක්වෙන්නේ යම් දියුණුවක් දුටුවද ඉන්දියාව තව බොහෝ දෑ ඉගනගත යුතු බව සීමිත පන්දුවාර තරඟ වල පැහැදිලිව දුටු බව කියන ඔවුන් පවසන්නේ ධර්මශාලා එක්දින තරඟය ඉන්දියාවේ සැබෑ ස්වරුපය පෙන්නුම් කල බවය.

තරුණ දක්ෂයන් සිටිනවා යයි උදම් අනන ඉන්දියාව එම තරඟයේදී තරුණයන් සහ MS දෝණි වැනි ප්‍රවීණයන්ගේ වෙනස පෙන්වා දුන් බවද මෙම වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.

නවකයන්ට අවස්තාව ලබා දෙනවා යයි කියන ඉන්දියාව මහත් ඉහලින් කතා කරන සිධාර්ත් කව්ලි ට කිසිම අවසථාවක් නොදුන් බවත් ,බැසිල් තම්පි සහ දීපාක් හුඩා වතුර අදින්නට පමණක් යොදාගත් බව පවසන මෙම වෙබ් අඩවිය වැඩි දුරටත් පවසන්නේ පළමු එක්දින තරඟය පරාජය සමඟ තරඟාවලියට පෙර කියූ සියලු කතා අමතක කරන්නට ඉන්දියාවට සිදු බවත් නවකයන්ට අවසතාව දීමට බයවූ බවත්ය.එමෙන්ම ඉන්දියාවේ දඟ පන්දු අනාගතය ලෙස හදුන්වන වොෂින්ටන් සුන්දරට ද අවස්තාව දෙන්නට අවසන් තරඟය දක්වා බලාසිටීමට සිදුවූ බවද චෝදනා කර ඇත.

T20 තරඟාවලියේ වීරයා බවට පත්වූ ජයදේව් උනාකාඩ් තරඟ තුනකදී කඩුලු හතරක් දවා ගනිමින් තරඟාවලියේ වීරයා වුවා සේම ඉන්දියාව කලක සිට සොයමින් සිටි වමත් වේගපන්දු යවන්නා ඔහු බවත් 2016 සිම්බාබ්වේ තරඟාවලියේ හොඳ දක්ෂතා දැක්වුවද කණ්ඩායමේ තැන අහිමි වූ ලෙස මෙවරද සිදු වන්නේ නම් එය අවාසනාවක් බවද මෙම වාර්තාවේ දැක්වේ.

තරඟාවලිය තුල ලෝක වාර්තා දෙකක් තබමින් වේගවත්ම T20 ශතකය සහ තෙවන ද්විත්ව ශතකය ලබා ගත් රෝහිත් ශර්මා තමා තැන්පත් වූ පසුව කොතරම් භයානක පිතිකරුවෙක්ද යන්න පෙන්නුම් කල බවද මෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ දැක්වූ දක්ෂතා ගැන සඳහන් කරන ක්‍රීක් බස් වෙබ් අඩවිය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුම වසරක උපුල් තරංග හුදකලාව දැක්වූ දක්ෂතා කැපී පෙනෙන බවත් ඔහු ලකුණු 1000 පසු කරද්දී දෙවන වැඩිම ලකුණු ලාභියා ලකුණු 720 ක් ලබා ගෙන ඇති බව පවසන මෙම වෙබ් අඩවිය ,කුසල් ජනිත් පෙරේරා යලි පැමිණීම බිඳ වැටී ඇති පිතිකරණ බලකායට ශක්තියක් සපයන බවට ඔහු ක්‍රීඩා කල ඉනිමෙන් පෙන්නුම් කල බවද වැඩි දුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මැදපෙලට මෙම තරඟාවලියේ ද චන්දිමාල්ගේ අඩුව හොඳින්ම දැනුන බවද ටෙස්ට් තරඟ වල ඔහු පෙන්වන සාර්ථකත්වය එක්දින කණ්ඩායමට ගෙන ඒමට හැකිනම් මැදපෙළ කඩා වැටීමේ ප්‍රශ්නය විසඳෙනු ඇති බවද ක්‍රීක් බස් වැඩි දුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබර තාවය පවත්වා ගැනීමට ආරම්භක පිතිකරුවන් රැසක් සමඟ පිතිකරණ අනුපිලිවල සකස් වීමේදී ඔවුන් අස්ථාවර වීම දැඩි ප්‍රශ්නයක් බවද කණ්ඩායමේ සමබර තාවය පවත්වා ගැනීමට අඩු දක්ෂතා දක්වන ක්‍රීඩකයා ඉවත් කිරීමේ ක්‍රමයද ශ්‍රී ලංකාවට කරන්නට නොහැකි වී ඇති බවද තිසර පිත්තෙන් පන්දුවෙන් දක්ෂතා නොපෙන්නුවද ඔහු ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ නායකයා නිසා බවද මෙම වෙබ් අඩවිය වැඩි දුරටත් අනාවරණය කර ඇත.

මෙම වාර්තාව අවසන් කරමින් ක්‍රීක් බස් පවසන්නේ කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙකු සහ තමා ගැන විශ්වාසය තබාගත හැකි ක්‍රීඩකයෙකු නායකත්වයට පත් කිරීම ශ්‍රී ලංකාවට දැඩි අවශතාවයක් වී ඇති බවය.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!