Breaking News
Home / ක්‍රිඩා / උපුල් සහ ධනුෂ්ක වෙනුවට හිටපු නායකයන් දෙන්නෙක් කැදවයි

උපුල් සහ ධනුෂ්ක වෙනුවට හිටපු නායකයන් දෙන්නෙක් කැදවයි

ඉන්දියාව සමග පැවැත්වෙන ඉදිරි තරඟ සඳහා සංචිතයෙන් ඉවත්කර සිටි දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්න කැඳවා තිබෙන බව වාර්තාවනවා.

ඊයේ පැවති තරඟයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයට ලක්වූ අතර, එම තරඟයේදී නියමිත වෙලාවට පන්දුවාර 50 සම්පූර්ණ නොකිරීම හේතුවෙන් නායක උපුල් තරංගටද එක්දින තරඟ දෙකක තහනමක් පැනවී තිබෙනවා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්නට සංචිතයට එක්වීමට අවස්ථාව උදාවි තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි තරඟවලදී කණ්ඩායමේ නායකත්වය ලබාදෙන්නේ කාටදැයී තීරණය කිරීමට තේරීම් කමිටුව රැස්ව තිබෙනවා.

තේරීම් කමිටුව තීරණය කර තිබෙන්නේ මීලග තරග දෙක සදහා චාමර කපුගෙදර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන බවයි.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!