Breaking News
Home / දේශීය පුවත් / උතුරේ දකුනේ දේශපාලුවන් රට ගිනි තියද්දි වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුම්වලට ගිය උතුරේ වැසියන්ට හමුදාවෙන් සිසිල් පැන්

උතුරේ දකුනේ දේශපාලුවන් රට ගිනි තියද්දි වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුම්වලට ගිය උතුරේ වැසියන්ට හමුදාවෙන් සිසිල් පැන්

යුද්ධයෙන් මියගිය සහෝදර දෙමළ ජනතාව සිහි කිරීමට ගමන් කළ ජනතාව වෙනුවෙන් සිසිල් බීම ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු යුධ හමුදා නිලධාරීන් අද (18)  කටයුතු කොට තිබුණා.

මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා තවත් විශාල පිරිසක් සහභාගි වු අතර, අදාළ පිරිස් වෙනුවෙන් යුධ හමුදා නිලධාරීන් විසින් එම සිසිල් බීම සංග්‍රහය ලබාදුන්නා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් සැමරුම සංවිධානය කොට තිබිණා. මුල්ලිවයික්කාල් සැමරුමට එක්වු පිරිසක් පැවසූවේ යුධ හමුදා නිලධාරීන් සිදුකළ ක්‍රියාව අගය කරන බවයි.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් විසින් බීම සංග්‍රහය සිදුකළ බව මුලතිව් යුධ හමුදා නිලධාරීන් පැවසුවා. උතුරේ ආරක්ෂක අංශ පැවසූවේ ජාති භේද නොතකා සියළු ජනතාව සහජීවනයෙන් ජිවත්වීමේ වටපිටාවක් වර්තමානයේ සැකසී ඇති බවයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය මුළුමනින්ම නිදහස් කරගත් ජාතියේ ඒ සුවිශේෂි විජයග්‍රහණයට අද දිනට වසර 9 ක් සපිරෙනවා. එය සිහිපත් කරමින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත යුද හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනාවන්, ඒකකයන්, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා රණවිරු සුබසාධන මධ්‍යස්ථානවල සැමරුම් පැවැත්වුනා.

1975 වසරේ ජූලි 27 වන දින ඇල්ෆ්රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ත්‍රස්තවාදී සෙවනැලි සැරිසැරීමට පටන්ගත් අතර දශක 03 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සැහැසිකම්වලින් පීඩාවින්දේය.

2006 ජූලි 21 වැනිදා ත්‍රිකුණාමලයට දකුණෙන් වූ මාවිල්ආරු සොරෙව්වේ දොරටු වසා දමමින් තිස් දහසකට අධික පිරිසකට ජලය අහිමි කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කිරීමත් සමග සිවිල් වැසියන් වෙනුවෙන් මාවිල්ආරු මුදාගැනීමේ මානුෂික මෙහෙයුම දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් පියවර ගත්තා.

නැගෙනහිර මුදාගැනීමෙන් නොනැවතුණු හමුදාවන් 2009 මැයි 18 වැනිදා සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම් අගලත් ඔවුන්ගෙන් මුදාගත්තේ එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සාමාන්‍ය වැසියන්ටද සුරක්ෂිත හෙට දිනක් උරුම කර දෙමින්.

About lanka

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!