Breaking News
Home / දේශීය පුවත් / උතුරෙන් දකුණට පාඩම් කියාදෙන විනිසුරුතුමන් ආගම නමින් කරන බිලිපූජා තහනම් කරයි

උතුරෙන් දකුණට පාඩම් කියාදෙන විනිසුරුතුමන් ආගම නමින් කරන බිලිපූජා තහනම් කරයි

විවිධ වූ ආගමික උත්සවයන් වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි කෝවිල් තුලදී සිදු කෙරෙන සත්ව බිලි පූජාවන් නොපවත්වන ලෙසට යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා නියෝග කොට ඇත.

සමස්ත ලංකා සෛව මහා සභාව විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ (24) දින සලකා බැලීමෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරු වරයා මෙම නියෝගය සිදු කළේය.

මීට පෙර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි කෝවිල්හි පවත්වනු ලැබූ දේව පූජාවන් වෙනුවෙන් මහා පරිමාණයෙන් සත්ව බිලි පූජාවන් සිදු කෙරෙන බැවින් එයට විරෝධය පා සෛව මහා සභාව විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

කිසියම් අයුරකින් ඉදිරියේදී සත්ව බිලි පූජාවක් සිදු කරන්නේ නම් එම පාර්සවයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට යාපනය මහාධිකරන විනිසුරු වරයා විසින් උතුරු පලාත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.

පසුගිය යුද සමයේදී පවාද යාපනයේ පිහිටි කෝවිල් තුල එළුවන්,ගවයින් හා කුකුලන් ඇතුලු සතුන් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් බිලිපූජාවන් සිදු කල අතර එම බිලි පූජාවන් නවත්වන ලෙසට විවිධ සත්ව සංවිධාන මගින් විරෝධවන්ද සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!