Breaking News
Home / විදෙස් පුවත් / උතුරු කොරියාව ලොව විශාලතම න්‍යෂ්ටික බෝම්බය පුපුරවා හරියි

උතුරු කොරියාව ලොව විශාලතම න්‍යෂ්ටික බෝම්බය පුපුරවා හරියි

උතුරු කොරියාව විසින් ඉරිදා සිදුකළ න්‍යෂ්ටික පිපිරවීම කිලෝ ටොන් 50 ත්, 120 ත් අතර සීමාවේ පවතින බව ආරක්ෂක විශ්ලේෂකයන් සඳහන් කළා.
කිලෝටොන් 50 ක න්‍යෂ්ටික පිපිරවීමත් 1945 වසරේ දෙවන ලෝක යුද්ධයේදී හිරෝෂිමාව විනාශ කළ න්‍යෂ්ටික බෝම්බය මෙන් තුන් ගුණයක ප්‍රබලතාවකින් යුක්තයි.

උතුරු කොරියාව විසින් මෙතෙක් සිදුකළ ප්‍රබලතම න්‍යෂ්ටික පිපිරවීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් ඊයේ කැඳවා තිබුණා. එහිදී ජගත් සංවිධානයේ ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හාලේ කියා සිටියේ ඇමරිකාව කිසිවිටකත් යුද්ධයක් අපේක්ෂා නොකරන නමුදු තමන්ගේ ඉවසීම සීමාසහිත බවයි.

උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමටද ඇමරිකාව යෝජනා කර තිබෙනවා.
එහෙත් උතුරු කොරියාවේ සමීපතමයා වන චීනය කියා සිටියේ අර්බුදය විසඳාගැනීම සඳහා යළි රාජ්‍යතාන්ත්‍රික මාර්ග විවෘත කළ යුතු බවයි.

About article14

Check Also

බ්‍රිතානයේ වැඩිම කලක් වන වසර 63 ක් රජකම් කල එලිසබත් රැජින 92 වන උපන්දිනය සමරපු හැටි. මෙන්න ඔරිජිනල්ම රෝයල් බර්ත්ඩේ පාර්ටි එක

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිණගේ නිල උපන්දින උත්සවය ඊයේ (09) දින සමරනු ලැබුවා. නමුත් රැජිණගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!