Breaking News
Home / දේශීය පුවත් / උඩපන්දු 6 ක් අත හැරීමෙන් ඉන්දියාවට ලකුණු 469 ක් අමතරව දීලා

උඩපන්දු 6 ක් අත හැරීමෙන් ඉන්දියාවට ලකුණු 469 ක් අමතරව දීලා

ගාල්ලේ පැවති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දවාන්ගේ උඩපන්දුව අත හරින්නේ ලකුණු 31 දී අසේල විසින්. ඔහු පසුව ලකුණු 190 ක් ලබාගන්නවා. දෙවන ඉනිමේ පාන්ඩයගේ උඩපන්දුව ලකුණු 4 දී දිමුත් අතහරින අතර ඔහු පසුව ලකුණු 50 ක් ලබාගන්නවා. දෙවන තරගයේ පළමු ඉනිමේ රහනේගේ උඩපන්දුව ලකුණු 80 දී මලින්ද විසින් අතහැරීම නිසා ඔහු 132 ක් ලබාගන්නවා. තවද ජඩේජාගේ උඩපන්දුව ධනංජය 33 දී අත හැරීමෙන් ලකුණු 70 ක් ලබාගන්නවා. අද (12) තරගයේ දවාන් ලකුණු 1 දී කුසල් මෙන්ඩිස් උඩපන්දුව අත හැරීමෙන් ලකුණු 119 ලබාගන්නවා. තවද රාහුල්ගේ උඩපන්දුව ලහිරු කුමාර 28 දී අත හැරීමෙන් ලකුණු 85 ක් ලබනගනවා.

මේ තරග තුනේදී දැනට උඩපන්දු 6 ක් අතහැර තිබෙනවා. එයින් ඔවුන් ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් ලබාගෙන තිබෙනවා. උඩපන්දු ගිලිහීමෙන් එම ක්‍රීඩකයින් අමතරව ලකුණු 469 ක් තරග තුනට ලබාගෙන තිබීම කණගාටුවට කරුණක්. මෙම උඩපන්දු 6 ම ප්‍රමාණවත් මේ තරගාවලිය පරාජය වීමට. උඩපන්දු ගිලිහීමෙන් රටක කණ්ඩායමක් විනෂම විය හැකි බව මෙම විශ්ලේෂණයෙන් ඔබට පෙනෙනවා ඇති. ඒ වගේම කණ්ඩායමේ වැදගත්ම ක්‍රීඩකයෙක් වන අසේල ද අබාධ වීමෙන් අහිමිවුණා.

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!