Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / “ඊශ්‍රයලෙන් ගේද්දි වයර් කපලා. හදන්න ආයේ යැව්වොත් යාපනේ ඉවරයි” කොටින්ට ඇඬෙන්න ගහපු මල්ටිබැරල් එක ලංකාවට ගෙනාපු කතාව

“ඊශ්‍රයලෙන් ගේද්දි වයර් කපලා. හදන්න ආයේ යැව්වොත් යාපනේ ඉවරයි” කොටින්ට ඇඬෙන්න ගහපු මල්ටිබැරල් එක ලංකාවට ගෙනාපු කතාව

සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්..

ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා.

ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්.

නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ..

මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ “අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි” කියායි.

මිත්‍රයෙක්ගේ සටහනක්..

මෙතුමා මෑත කාලයේ බිහිවුන මහා විද්වතෙක්…..මොරටුව සරසවියෙ විද්යුත් සහ විදුලි සන්දේශ ඉන්ජිනේරු විද්යා අන්ශයේ ප්‍රධානියා(Head,Department of Electronics & Telecommunication Engineering ) ලෙස කටයුතු කල දක්ශ ඉන්ජිනේරුවෙක්…

අනික් පැත්තෙන් යාන්තිරික ඉන්ජිනේරු විද්යාවටත්(Mechanical Eng) දක්ශය්…..වනජීවීන් සහ ඡායාරූප(Wildlife conservation & photography) කරනයට පවා අති දක්ශයෙක්….බටහිර වෛද්‍ය විද්‍යාවට එතරම් කැමැත්තක් නොදැක්වු මෙතුමා දේශිය වෙදකම ගැනත්ප්‍රවීනයෙක්….

මීට අමතරව ගණිතය,තාරකා විද්යාව සහ තවත් නොයෙක් විශයන්ගෙන් දක්ශයෙක්…..මෙතුමා Liverpool University Convocation එකට Ph D එක ගන්න ගියෙත් ජාතික ඇදුම ඇදලා…..

මෙතුමාගේ Extra Ordinary Brain Capacity එක නිසා ඊශ්‍රායලයේ යුධ තාක්ශණය copy කරාවි කියල බයක් මොසාඩ් එකට තිබුන කියලයි කියන්නෙ…ඒත් ඒක සාධාරණ සැක කිරීමක් පමණයි.

බොල් පිලිම වීරයන්වන අද දවසේ සැබෑ විරුවන් ගැන දැනුවත් වෙමු!

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!