Breaking News
Home / ක්‍රිඩා / “ඊයේ තරගය මිට වඩා ලේසියෙන් ඉවර කරන්න තිබ්බා. ආරම්බය හොඳ වුනාට අවසන් කලේ අමාරුවෙන්.මේවා හිතන්න ඕන” – නායක චන්දිගෙන් අවවාදයක්

“ඊයේ තරගය මිට වඩා ලේසියෙන් ඉවර කරන්න තිබ්බා. ආරම්බය හොඳ වුනාට අවසන් කලේ අමාරුවෙන්.මේවා හිතන්න ඕන” – නායක චන්දිගෙන් අවවාදයක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේදී සිම්බාබ්වේ සමඟ ඊයේ (21) පැවති තරඟය කඩුලු 05කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 44කදී ලකුණු 198කට දැවී ගියා.

ශ්‍රී ලංකාව පන්දු වාර 44යි පන්දු 05ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 202ක් ලබා ගනිමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

මේ අතර මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් හොඳින් ක්‍රීඩා කිරීමට තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් දිනේෂ් චන්දිමාල් මේ බව පවසා සිටියා.

තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ කාර්ය නිසි ආකාරයෙන් ඉටුකළ බවත් පිතිකරණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ ආරම්භයක් පැවති බවත් ඔවුන් එය අවසන් කරන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළයුතු බව චන්දිමාල් එහිදී වැඩිදුරටත් ප්‍රකාශකර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ ඊයේ තරඟය මිට වඩා හොඳින් ජයග්‍රාහීව නිමකිරීමට තිබූ බවයි.

තුන්කොන් තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟ දෙක පරාජයට පත් වීමට සිදුවුණා.

තරඟාවලියේ මීළඟ තරඟය ලබන බ්‍රහස්පතින්දා (25) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

About lanka

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!