Breaking News
Home / Video / ඊයේ අඩු වෙමින් ගිය ගංගාවල ජල මට්ටම අද නැවත ඉහල යයි. උදෑසන සිට කොළඹට තද වැසි. අවදානයෙන් ඉන්න

ඊයේ අඩු වෙමින් ගිය ගංගාවල ජල මට්ටම අද නැවත ඉහල යයි. උදෑසන සිට කොළඹට තද වැසි. අවදානයෙන් ඉන්න

නාගලගම්වීදිය ජල මාපකයේ අද (23) මේ වන විට දැක්වෙන්නේ අඩි 5 ක් ලෙසයි.

එය අද පෙරවරු 6.30 වන විටත් අඩි 5 ක මට්ටමමේම පැවති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගඟේ ජල මට්ටම සුළු වශයෙන් අඩු වෙමින් පවතින බවයි.

මීට අමතරව කැලණි ගගේ නොර්වුඩ්, කිතුල්ගල, දැරණියග, හොලම්බුව, අවිස්සාවේල්ල ජල මාපකවල අගය සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති අතර හංවැල්ල ජල මාපකයේ අගය තවදුරටත් අවදානම් මට්ටමක පවතිනවා.

මේ අතර ඊයේ දිනයේදී සුළු වශයෙන් කැලණි ගඟ පිටාර ගැලීමට ලක් වූ කොහිලවත්ත, කැලණිමුල්ල ආදී ප්‍රදේශවල අද පෙරවරුවේ එම තත්ත්වය පහව ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ගඟ දෙපස පහත්බිම්වල තවදුරටත් ජලය රැදී තිබෙන ආකාරය අපට දැකගතහැකි වූවා.

මේ අතර අද පෙරවරුවේ සිට කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවලටද දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා.

මීට සුළු මොහොතකට පෙර නාගලගම්වීදිය ජල මාපකයේ දර්ශන පහතින්.

About lanka

Check Also

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!