Breaking News
Home / දේශීය පුවත් / ඉන්දීය මාධ්‍යට රනිල් දැක්වූ ලෝකයටම වැදගත් අදහස්

ඉන්දීය මාධ්‍යට රනිල් දැක්වූ ලෝකයටම වැදගත් අදහස්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු මාධ්‍යක් සමග විශේෂ සාකච්චාවක් කර තිබෙනවා. ඒ ලෝක නායකයන් විසින් මේ ආර්ථික හා සමාජයීය ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද හා දුපතක් වන ලංකාව ඉදිරියේ අභියෝග වලට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්න සමගයි.

ලංකාවේ ලොක්ඩවුන් කිරීම ඉතාම සාර්ථක බව කියන එජාප නායකයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශත් ඊට සම්බන්ධ පුද්ගලික රාජ්‍ය අනෙක් පාර්ශවත් ප්‍රශංසනිය කාර්යක් කරමින් සිටින බව පවසන ඔහු රජය විසින් කරගත් අතපසුවීමක් ලෙස ඔහු පවසන්නේ ආරක්ෂක උපකරණ හා රෝහල් උපකරණ පරීක්ෂණ කට්ටල කලින් ජනවාරි මාසයෙවත් සුදානම් කර නොගැනීම මත අත්‍යවශ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට බලපෑමක් තිබෙන බවයි.

කෙසේවෙතත් මෙසේ සදාකාලික රට වසාගෙන තබාගත හැකි නොහැකි නිසා කොටස කොටස රට විවෘත කරන විට පරීක්ෂණ කිරීම අත්‍යවශ්‍ය බව පවසන වික්‍රමසිංහ මහතා ජර්මනිය දකුණු කොරියාව වැනි රටවල් හැකි තාක් පරීක්ෂණ කිරීම මත රටත් ආර්ථිකයත් ආරක්ෂා කරගැනීමට විශාල කාර්යක් කරන බවත් එසේ ලංකාවද පරීක්ෂණ කිරීම අනිවාර්ය බව පවසනවා.

ඉන්දීය මාධ්‍යවේදිනිය විමසන්නේ දෙවන ලෝක යුද්ධයට පසුව මුහුණ දෙන විශාලම ප්‍රශ්නය බවත් එසේ ලෝකයේ නායකයෙක් ලෙස ඔබ කොහොමද ලෝකයටම මුහුණ දී ඇති අභියෝගයට ලෝකයම එකතුව මුහුණ දෙන්නේ යන්නයි,

එයට පිළිතුරු දුන් එජාප නායකයා පවසන්නේ මේක තමයි ලොකුම අභියෝගාත්මක කාලය දෙවන ලෝක යුද්ධය විතරක් නෙවේ ඕනෑම යුද්ධයක් වුනත්, යුද්ධයකදිනම් අපි දන්නවා හතුරා කවුද කියලා එහෙත් මෙතන එහෙම වගකීමක් ගන්න කෙනෙක් නැ, අපි හිටියේ ගෝලීයකරණයේ ඉහලට යමින් එහෙත් මේ වසංගතය ගෝලීයකරණයේ යටිකුරු තෙරපුමයි. එයින් සිදුවන්නේ ලෝකයේම ආර්ථිකය බලාගෙන ඉද්දි සීග්‍රයෙන් කඩා වැටීමක්, සෝවියට් දේශයට වුනෙත් මේක, ආර්ථිකය කඩා වැටුනා කියන්නේ ඔක්කොම කඩා වැටුනා කියන එක, එසේම ලෝක මට්ටමේ මේ අවස්ථාවේ නායකත්වයක් නැතිවීමත් ප්‍රශ්නයක් බව එජාප නායකයා අවධාරණය කළා.

ඉන්දීය මාධ්‍යවේදිනිය විමසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන වගේ අය කැපී පේනවා එජා ආරක්ෂක මණ්ඩල වගේ ඒවත් තියනවා ඇයි ලෝක මට්ටමේ සංවිධාන මේ වෙලේ අසමත් වෙලා තියෙන්නේ යනුවෙන්.

එවිට හිටපු අගමැතිවරයා පවසන්නේ මෙය ලෝක නායකයන්ගේ වගේම ලෝක සංවිධාන වල අසමත් (failure) වීම බවයි. ලෝක බැංකුව, මුල්‍ය අරමුදල, එක්සත් ජාතින් වැනි ලෝක සංවිධානත් මේ අවස්ථාවේ නායකත්වය ගත යුතු බව ඒ මහතා පවසනවා. නමුත් එසේ කැපී පෙනෙන ලෙස ඉදිරියට ඇවිත් නායකත්වයක් ගැනීමක් නොපෙනෙන බවත් පසුගිය කාලයේ කාලගුණ විපර්යාශ ප්‍රශ්නය උග්‍ර වන විට ඔබාමා, ප්‍රංශ ජනපති නායකත්වය ගත් බවත් දෙවන ලෝක යුද්ධයේදී පවා රුස්වෙල්ට්, චර්චිල්, ස්ටාර්ලින් වැනි පුද්ගලයින් ලෝකයට නායකත්වය දුන් බව අවධාරණය කරනවා.

මේ අවස්ථාවේ කවුද නායකත්වය ගන්නේ යන්න ප්‍රශ්නය බව පවසන හිටපු අගමැතිවරයා 2009 දී ආර්ථික පරිහානියේදී ගෝඩන් බ්‍රවුන්, බුෂ් වැනි අය නායකත්වය ගත්තා වගේ නායකත්වය ගත යුතුයි. එහෙත් කට්ටියක් කතා කරනවා, කට්ටියක් ගහගන්නවා අපි බලාගෙන ඉන්නවා. ඒත් මේක ලෝක වසංගතයක් තනි තනි ජාතික ප්‍රශ්නයක් නෙවේ, ඒ නිසා ගෝලීය වගකීමක් මේ වෙලේ නායකයන්ට තියනවා ලෝක ජනතාවට නැගිටලා මේකයි කරන්න ඕන කියලා ධෛරියක් දෙන්න ඕන කියන එකයි තමන්ගේ මුලික අදහස බව වික්‍රමසිංහ මහතා පවසනවා.

ගෝලීයකරණයෙන් වාසි ගත්තා වගේම එහි අනිසි බලපෑම් එනවිට ලෝකයක් ලෙස ප්‍රශ්න විසදිය යුතු බව ඉන්දීය මාධ්‍ය වෙත ඔහු පරිනත නායකයකු ලෙස ලෝකයටම අවධාරණය කර සිටියා.

මාධ්‍යවේදිනිය විමසන්නේ චිනය වැනි ලංකාවට නය දුන් රටවලට එය අතහරින ලෙස ඉල්ලිය හැකි නේද යනුවෙන්,

එවිට හිටපු අගමැතිවරයා පවසන්නේ එසේ ඉල්ලීම් කල හැකි නමුත් චීනය නය ලබා දී ඇත්තේ ලංකාවට පමණක් නොවන නිසා අපට දෙන සහන අනෙක් රටවලටත් දෙන්න වෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක වන දේවල් නිසා යනුවෙන් පවසන ඔහු තවදුරටත් පවසන්නේ නමුත් සහන හැම රටකින්ම ඉල්ලිය යුතු බවත් 2016, 17, 18 කාල වලදී පිළිවලින් නය ගෙවා දමමින් ලංකාව ස්ථාවර මට්ටම සිටි බවත් පවසනවා.

එහෙත් මුල්‍යමය වශයෙන් මේ යන ආකාරයට මේ වසරට වඩා බරපතල ආර්ථික අර්බුධයකට 2021 දී ලංකාවට මුහුණ දෙන්න වන බව හිටපු අගමැතිවරයා ලෝක දේශපාලනය ලෝක ආර්ථිකය මෙන්ම ලංකාවේ ආර්ථික හා දේශපාලනය පිළිබද ඉතා වැදගත් සියල්ලන්ටම ගත හැකි මට්ටම මධ්‍යස්ත විචාරයක් ජාත්‍යන්තර මාධ්‍යට ලබා දීමට සමත් වූනා.

ඒ බව සුළුතරයක් වූ ලංකාවේ වැදගත් බුද්ධිමත් නිවහල් මිනිසුන්ට වටහා ගත හැකි. එසේම මෙය දේශපාලනය හදාරන පිරිස් වෙත ඉගන ගැනීමට ඇති පරිනත අත්දැකීමෙන් පිරිපුන් වාර්තාවකි. එසේ ආර්ථික විද්‍යාව දේශපාලනය ලෝක දේශපාලනය ඉගනගන්නා ශිෂ්‍යන් සිටිනවානම් ඔබගේ වහල් පක්ෂය කුමක් වුවත් මේ අදහස් දැක්වූ වීඩියෝව තම ඉගනගන්න දරුවාට පෙන්වීම වටිනා බවයි අපගේ අදහස.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!