Breaking News
Home / ක්‍රිඩා / ඉන්දිය මහා මැතිවරනය නිසා 2019 අයිපීඑල් තරගවාරය ලංකාවේ පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් ආයතනය සූදානම්වෙයි

ඉන්දිය මහා මැතිවරනය නිසා 2019 අයිපීඑල් තරගවාරය ලංකාවේ පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් ආයතනය සූදානම්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

Image result for ipl

ලබන වසරේදී පැවැත්වෙන ඉන්දීය මැතිවරණය හේතුවෙන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය එරට දී පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් මතුවීම නිසා මේ යෝජනාව ඉදිරිපත්ව ඇති බවද පැවසේ.

Image result for ipl

මේ හේතුවෙන් තරගාවලියේ තරග රැසක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

Related image

ශ්‍රී ලංකාව සමගින් තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්ත පළ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ සත්කාරකත්වය ලබා දෙන්නේ කුමන රටට දැයි තවමත් තීරණයක් ගෙන නොමැති බවත්, කෙසේවුවද, ශ්‍රී ලංකාවට තරගාවලියේ සත්කාරකත්වය හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවයි.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!