Breaking News
Home / ක්‍රිඩා / ඉන්දියාව බංගලාදේශය නිදහස් කුසලානයට සංචිත නම් කරද්දී මව්බිමේ ඇති තරගාවලියට ලංකාව තවම කණ්ඩායම නම් නොකිරීමට හේතුව බන්ගලියන් කියයි

ඉන්දියාව බංගලාදේශය නිදහස් කුසලානයට සංචිත නම් කරද්දී මව්බිමේ ඇති තරගාවලියට ලංකාව තවම කණ්ඩායම නම් නොකිරීමට හේතුව බන්ගලියන් කියයි

Image result for bangladesh cricket

නිදහස් කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන රටවල් තුන වන ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය අතරින් මේ වන විට සත්කාරක ශ්‍රී ලංකාව හැර අනෙකුත් රටවල් දෙකම තම සංචිත නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සංචිතය නම් නොකරන හේතුව ගැන බංගලාදේශයේ වෙබ් අඩවියක් වන bdcrictime අද පුවතක් පළකර ඇත.

එම වෙබ් අඩවිය පවසන්නේ ශ්‍රී ලංකාව තවමත් තම සංචිතය නම් කර නැත්තේ අභාදිත ක්‍රීඩකයන් තරඟාවලිය සඳහා ක්‍රීඩා කර හැකි තත්වයේ සිටිනවාද යන්න තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව මෙලෙස කල් ගන්නා බවය.

Image result for nidahas trophy 2018

එම වෙබ් අඩවියට අනුව අබාද වලින් මේ වන විට දුෂ්මන්ත චමීර ,නුවන් ප්‍රදීප්,කුසල් ජනිත් සුවය ලබා ඇති අතර ඔවුන් තරඟාවලියට සුදානම් වුවත් T20 නායක ඇන්ජලෝ මැතිව්ස් තවමත් පුර්ණ සුවය ලබා ඇත්ද යන්න තහවුරු කරගෙන නැති නිසා සංචිතය නම් කිරීම අවසාන මොහොත දක්වා කල් දමන බවය.

එම වෙබ් අඩවියට අනුව අඟහරුවාදා පවත්වන පරීක්ෂණයේ ප්‍රතිපල අනුව මැතිව්ස්ගේ සහභාගිත්වය තීරණය වන අතර මැතිව්ස් දේශීය T 20 තරඟාවලියටද තවමත් ක්‍රීඩා නොකළ නිසා මැතිව්ස් නිදහස් කුසලානයට ක්‍රීඩා කරනවාද යන්න පිළිබඳව තවමත් සැක සහිතය.

sportline

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!