ඉන්දිය ඕස්ට්‍රේලියා දෙවන 20 20 තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුළු 8 කින් ජයගත්තා. ඉන්දියාව සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 118 පමනයි. 27 හැවිරිදි නවක වේග පන්දු යවන්න බෙරෙන්ඩොෆ් ලකුණු 21 ට කඩුළු 4 ලබා ගනිමින් ඉන්දියාව අසරන කලා. යාදෙව් 27 පාන්ඩය 25. ඒ හැර අනෙක් කිසිවකු සාර්ථක වූයේ නෑ. ඕස්ට්‍රේලියාව පන්දුවාර 16 දී 122/2 ගනිමින් පහසුවෙන් ජයගත්තා. හෙන්රික් 62 හෙඩ් 48 යි.
කෙසේ වෙතත් තරගය ජයගෙන ඕස්ට්‍රේලියාව තම බස් රථයට එන විට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව අරොන් පින්ච්ගේ පිටුවේ සටහනක් යොදා තිබෙනවා. මෙය ජාත්‍යන්තර මාධ්‍ය ඉතා වැදගත් පුවතක් ලෙස ලෝකය පුරා ප්‍රචාරය කලා.
ඉන්දිය ප්‍රේක්ශකයින් තම ක්‍රිඩකයන්ට විරෝධය පෑවත් පිට ක්‍රිඩයන්ට මෙවැනි දේ කිරීමෙන් පකිස්ථානයට වූ දේ සිදුවිය හැකි. ක්‍රීඩක ආරක්ෂාව නොමැති වූ විට කිසිම රටක එහි යාමට කැමති නැත. ලංකා ප්‍රේක්ශකයින් මෙය අනුගමනය කලහොත් පසුගිය ඉන්දිය සංචාරයේ බෝතල් ප්‍රහාර වගේ විශාල හානියක් වනු ඇත
ක්‍රීඩාවේ උස් පහත් කම් තේරුම ගත යුතුය. නමුත් ලංකාවේ ක්‍රීඩකයන්ගේ පහත්වීම වලට බලපා ඇත්තේ දුර්ජන පරිපාලනයයි. මෙය කථා දෙකකින් එනිසා ක්‍රීඩකයන් සමග කිසිදු සටනක් ක්‍රීඩාලෝලින්ට තිබිය නොහැක.
නොවැම්බරයේදි ශ්‍රී ලංකාව ඉන්දියාවට පූර්ණ තරගාවලියකට මුහුණ දීමට නියමිතයි.
News Report