Breaking News
Home / දේශීය පුවත් / ඉන්දියාවේ රෝ සංවිධානය තමන් ඝාතනය කරන්න යනවා කියූ සිරිසේනගේ බ්‍රේක් නැති කයිවාරුව දුරදිග යයි. ඉන්දියාවට ඒ ගැන වැඩි දුර සාකච්චාවක් අවශ්‍ය බව රනිල්ට දන්වයි

ඉන්දියාවේ රෝ සංවිධානය තමන් ඝාතනය කරන්න යනවා කියූ සිරිසේනගේ බ්‍රේක් නැති කයිවාරුව දුරදිග යයි. ඉන්දියාවට ඒ ගැන වැඩි දුර සාකච්චාවක් අවශ්‍ය බව රනිල්ට දන්වයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඉන්දිය රහස් ඔක්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිම සඳහා අවස්ථාව දෙන ලෙස ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලිමක් කර සිටියි.

ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ඉහත ඉල්ලිම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඊයේ (17) රාත්‍රිය වන විට නිල වශයෙන් දැනුම් දි තිබින.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය නිල සංචාරය අද (18) ආරම්භ කරන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා 20 දා රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට නියමිතය.

යහපාලනය සඳහා වූ ජාතික රජය ඉන්දියාව සමඟ එකත්වයට පැමිණි උතුරේ නිවාස තැනිම, මහා මාර්ග ඉදිකිරිම, උතුරු දුම්රිය මාර්ගය සහ අනෙකුත් ආයෝජන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාර්යේදි සමාලෝචනයක යෙදිමට නියමිතය.

ඉහත කරුණුවලට අමතරව ශ්‍රී ලංකා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානය යොමු කර තිබෙන හෙයින් එරට ආරක්ෂක ප්‍රධානින්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය අතරවාරයේදි ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට ප්‍රමුඛස්ථානයක්දීමට සිදුවනු ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!