Breaking News
Home / පුවත් සාරාංශ / ඉන්දියාවේ කාන්තා හිංසනවලට එරෙහිව ඉන්දිය සිනමා නිළියක් මහපාරේ නිරුවත් වී විරෝධය පායි. ඇය අතඩංගුවට

ඉන්දියාවේ කාන්තා හිංසනවලට එරෙහිව ඉන්දිය සිනමා නිළියක් මහපාරේ නිරුවත් වී විරෝධය පායි. ඇය අතඩංගුවට

ඉන්දීය තෙලුඟු සිනමා නිළියක් වන ශ්‍රී රෙඩ්ඩි ප්‍රසිද්ධියේ නිරුවත් වූ සිදුවීමක් පිළිබඳව මේවන විට ලෝකයේම අවධානය ගෙන තිබෙනවා
.
සරාගී නිළි රෙඩිඩි මෙලෙස නිරුවත් වී ඇත්තේ එරට කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරයන්ට සිය විරෝධය පළකිරීමක් ලෙසයි.

හයිද්‍රාබාද් නගර මධ්‍යයේ පිහිටි සිනමා කර්මාන්තයට අදාළ ආයතනයක් ඉදිරිපිටට පැමිණි ඇය එකවරම සිය ඇඳුම් උණා දැමීමට පටන් ගැනීම බොහෝ දෙනා මවිතයටත් කම්පනයටත් පත් කර ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත් වූ ඇය දෑත්වලින් සිය පියයුරු වසාගෙන විරෝධතාවයේ නිරත වුණා.

පසුව එම ස්ථානයට ආ මාධ්‍යවේදීන් හට ඇය පවසා සිටියේ තෙලුඟු සිනමා කර්මාන්තය තුළ දී ද කාන්තාවන්ට විවිධාකාරයේ ලිංගික හිංසනවලට මුහුණපෑමට සිදුව ඇති බවයි.

තමාට ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු නිරන්තරයෙන් ලිංගිකව සැනසීමට සිදුව ඇති බවටයි ඇය ප්‍රකාශ කළේ.

මගේ මේ ක්‍රියාවෙන් මගේ දෙමාපියන් ලැජ්ජාවට පත් වෙන එක ඇත්ත. මම මගෙ ඇඳුම් සියල්ල ගලවා දැමුවා. කිසිම පවුලක් කැමති වෙන්නෙ නෑ තමන්ගේ පවුලෙ කෙනෙක් මේ විදිහට ඉන්න එක ගැන. ඒත් මම මගෙ ඇඳුම් සියල්ල ගලවලා පිරිමි ගොඩක් ඉස්සරහා මේ විදිහට මහපාරෙ හිටගෙන ඉන්නවා. මං මගෙ පවුල ගැන හිතන්නෙ නෑ. මම හිතන්නේ මේ හිරිහැරවලට මුහුණ දෙන කාන්කාවන් ගැන විතරයි.

කෙසේ වෙතත් ඇගේ මෙම ක්‍රියාවෙන් පසුව පොදු ස්ථානයක අශෝබනව හැසිරීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගැනීමට හයිද්‍රාබාද් පොලීසිය ක්‍රියා කළා.

එම චෝදනාව යටතේ ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට ද යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

About lanka

Check Also

මදුෂ් අමල් ඇතුළු පිරිස රුධිර පරික්ෂාවකට. මත්ද්‍රව්‍ය රුධිරයේ තිබුනොත් ලංකාවට දෙන්නැ මිට කලින් පාටි දෙකක් දාලා. කාලාකරුවන් ගිහින් මුදල් නවීන දුරකථන දීපු බව හෙළිවෙයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් රුධිර පරීක්‍ෂාවකට යොමුකර තිබෙනවා.එම සැකකරුවන් අල් රෆා පොලීසියට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!