Breaking News
Home / දේශීය පුවත් / ඉන්දියාවට වරාය විකුණන එකෙන් රට බේරාගෙන හම්බන්තොට වරාය ආපහු ගන්න ආවා කියපු සිරිසේන මහින්ද ආණ්ඩුව චීනෙට කොළඹ වරායේ ප්‍රධාන මෙහෙයුම් විකුණයි

ඉන්දියාවට වරාය විකුණන එකෙන් රට බේරාගෙන හම්බන්තොට වරාය ආපහු ගන්න ආවා කියපු සිරිසේන මහින්ද ආණ්ඩුව චීනෙට කොළඹ වරායේ ප්‍රධාන මෙහෙයුම් විකුණයි

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ නැංගුරම් පොළ ධාරිතාව වැඩිකිරීමේ ව්‍යාපෘතිය සහ බහලුම් මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘතීන් දෙකම චීන සමාගම් වෙත ලබාදීමටමහින්ද සිරිසේන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ වරායට පැමිණෙන විශාල ප්‍රමාණයේ නෞකා මෙහෙයවීමේ කටයුතු සඳහා නැංගුරම් පොළ ධාරිතාව වැඩි කිරීම සිදුකළ යුතු අතර එම ව්‍යාපෘතිය චීන වරාය ඉන්ජිනේරු සමාඟම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

බහලුම් මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම සීමාසහිත ෂැංහයි ෂෙංහුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමට පැවමරීමට නියමිත අතර ඒ සඳහා වැයවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 25.7 කි. එම ව්‍යාපෘතියට අදාලව දොබකර තුනක් මිලදීගැනීමට ද නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතීන්ට අදාල කැබිනට් පත්‍රිකා කුමන්ත්‍රණ ආණ්ඩුවේ විෂයභාර අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් එම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!