Breaking News
Home / ක්‍රිඩා / ඉන්දියානු නායක සුපිරි ක්‍රීඩක කෝලි ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියානු නායක සුපිරි ක්‍රීඩක කෝලි ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එළඹෙන නොවැම්බර් මාසයේ 16 වනදා ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය සඳහා තමාට සහභාගී නොවී සිටීමට අවසර දෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව ඉන්දීය වෙබ් අඩවියක් වන indianexpress.com අද වාර්තා කර ඇත.

මෙම තරඟාවලිය නොවැම්බර් 16 සිට දෙසැම්බර් 24 දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන අතර තරඟාවලියට ටෙස්ට් තරඟ තුනක් එක්දින තරඟ තුනක් සහ T20 තරඟ 3ක් ඇතුලත් වේ.ඉන්දීය නායකයා අඛණ්ඩව තරඟ සඳහා සහභාගී වීමත් එළඹෙන දෙසැම්බර් මාසයේ කෝලිට ඇති පෞද්ගලික කටයුත්තක් සහ ලබන වසරේ ආරම්භයේ යෙදී ඇති දකුණු අප්‍රිකා තරඟ සංචාරය සඳහා සුදානම් වීමේ අරමුණින් මෙම ඉල්ලීම කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු හෙළි කර ඇත.

“Kohli has informed the BCCI that there are some personal reasons and that is why he won’t be available in the month of December. Kohli has been playing non-stop cricket for quite sometimes now and he certainly would like to be fresh for South Africa tour in January,” BCCI

අද දිනයේ රැස් වන ඉන්දීය ක්‍රිකට් බලධාරීන් එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය සඳහා වන ඉන්දීය සංචිතය,ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණු තරඟය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රිකට් සභාපති වරයාගේ කණ්ඩායම සහ දැන් ක්‍රියාත්මක වන නවසීලන්ත සංචාරයේ T20 තරඟාවලිය සඳහා වන සංචිතය පිළිබඳව මෙන්ම කෝලිගේ ඉල්ලීම පිළිබඳව ද සලකා බලන බව පැවසේ.

විරාත් කෝලි අවසාන වරට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කල තරඟයකට සහභාගී නොවී සිටියේ මෙම වසර ආරම්භයේ ම්ස්ට්‍රෙලියා කණ්ඩායමට එරෙහිව ධර්මශාලා ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරඟයට වන අතර එවර කෝලි තරඟයට සහභාගී නොවීමේ හේතුව වුයේ අභාදයකට ලක් වීමයි.

ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයෙන් පසුව කොදෙව් කණ්ඩායම,ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් සමඟ ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගී වූ අතර මේ වන විටද නවසීලන්තය සමඟින් තරඟාවලියකට සහභාගී වේ.

මෙලෙස එකදිගට තරඟ වලට ක්‍රීඩා කිරීම ක්‍රීඩකයන්ට එතරම් පහසු නොවන බව පවසන කෝලි පවසා ඇත්තේ නවසීලන්තය චැම්පියන්ස් කුසලානයෙන් පසුව සහභාගී වන පළමු තරඟාවලිය දැන් ක්‍රියාත්මක ඉන්දීය තරඟාවලිය බවත් ඒ ආකාරයේ වැදගත් තරඟාවලියකින් පසුව කණ්ඩායමකට විවේකයක් ලැබීම හොඳ දෙයක් බවද කෝලි වැඩි දුරටත් පවසා ඇත.

Sportsline

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!