Breaking News
Home / දේශීය පුවත් / ඉන්දියානු ගිලන් රථ සේවය ආරම්භ කරද්දි වෛද්‍යවරු ඒවට ගල් ගහන්න කීවා බිල්ලෝ මැව්වා ඔබට මතකද?

ඉන්දියානු ගිලන් රථ සේවය ආරම්භ කරද්දි වෛද්‍යවරු ඒවට ගල් ගහන්න කීවා බිල්ලෝ මැව්වා ඔබට මතකද?

ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පසුගියදා සිදු කෙරිනි.

මෙහිදී අදාල ගිවිසුම සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස සහ ඔස්ට්‍රියාවේ Odelga MED Ges.M.B.H සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ Mr. Peter Haag මහතා අතර අත්සන් කෙරුනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ශ්‍රී ලංකාවේ රෝහල් සංවර්ධනය කිරිම සදහා විදේශ ආයොජන රැසක් ලැබී තිබෙනවා. ඔස්ට්‍රියානු සමාගම මගින් යුරෝ 9587574 ක් වැය කරමින් රෝහල්වල ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කරනවා. මේ වනවිට සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විදේශ ආයෝජන 70 ක් පමණ ලැබී තිබෙනවා. වත්මන් රජය විදේශ ආයෝජන අගය කරනවා. උතුරු පළාතේ මෙන්ම දිවයින පුරා රෝහල් සංවර්ධනයට ආයෝජන ලැබී ඇත්තේ එම නිසයි. යුරෝපයේ මෙන් සංවර්ධිත රෝහල් ලැබෙන අතර, එම රටවල භාවිත කෙරන නවීන තාක්ෂණය ද සෞඛ්‍ය සේවාවට ලැබීම ඉතාම වැදගත්. වෛද්‍යවරුන් ඉල්ලන සෑම නවීනතම වෛද්‍ය උපකරණ ලබාදී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව නාම පුවරුවට පමණක් සීමා කරන්නේ නැහැ. රජය ද විශාල ආයෝජනයක් සිදු කරනවා. වැඩිම විදේශ ආයෝජන ලැබී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. වසර 2020 වනවිට ඊ- හෙල්ත් ව්‍යාපෘතිය යටතේ රෝහල් 300 ක් පරිගණක ගත කරන අතර ජනතාව වෙනුවෙන් ඊ-හෙල්ත් කාඩ්පතක් ද හදුන්වා දෙනවා. ඒ පිළිබදව ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන්දියාවෙන් ගිලන් රථ සේවාව ආරම්භ කරන විට වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා ගල් ගහන්න කියලා. නමුත් ජනතාව එම ගිලන් රථ සේවාවේ ප්‍රයෝජන අද ලබනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වුනා තවත් ගිලන් රථ 250 ක් ලබාදීමට. එම සේවාව දීප ව්‍යාප්ත කරනවා. සයිටම් ආයතනය දෙස බලා නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබද තීන්දු තීරණ ගන්න එපා. බල්ලන් බිරුවට ගැල ඉදිරියට යනවා වාගේ සෞඛ්‍ය සේවාව ඉදිරියට ගමන් කරනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

((ඔබ LIKE කර ඇති PAGE වල Post බලන්න FB App එකේ Explore Feed එකට ගිහින් බලන්න. නැතිනම් කෙලින්ම PAGE එකේ නම Type කරලා බලන්න.App එක Update කරගන්න.Share කරන්න.))

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!