Breaking News
Home / දේශීය පුවත් / ඉන්දියන් සාගර කලාපය ත්‍රස්තයන්ගෙන් තොර කලාපයක් කරන්න සිංගප්පුරුව සම්පුර්න සහය

ඉන්දියන් සාගර කලාපය ත්‍රස්තයන්ගෙන් තොර කලාපයක් කරන්න සිංගප්පුරුව සම්පුර්න සහය

ඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් (Hon. K. Shanmugam) පවසා ඇත.

පසුගිය 13 වන දා ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් (Hon. Vivian Balakrishnan) සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී සමාජ ආර්ථික හා දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ගෝලීය ත්‍රස්තවාදය මැඬ පැවැත්වීම හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් පිළිබඳව අනුගමනය කළ යුතු සාමූහික පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති චන්ද්‍රා දාස් ද මේ අවස්ථාවට එක් වි ඇත.

About article14

Check Also

අපේක්ෂකයා එන්නේ කාගේත් එකගත්වයෙන් එජාපයෙන් – එජාප මහලේකම්ගෙන් නිවේදනයක්

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදවයි. එය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!