Breaking News
Home / දේශීය පුවත් / ඉතිහාසයේ ප්‍රථම වරට එජාප නායකයා තේරීමට පිට සුළු ජාතික පක්ෂවලට මැදිහත් වෙන්නැයි සජිත් පාර්ශවය දන්වයි

ඉතිහාසයේ ප්‍රථම වරට එජාප නායකයා තේරීමට පිට සුළු ජාතික පක්ෂවලට මැදිහත් වෙන්නැයි සජිත් පාර්ශවය දන්වයි

එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ වගකීම සජිත් පාර්ශවය විසින් සුළු ජාතික පක්ෂ නායකයින්ට පැවරීමට තීරණය කර ඇත.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්‍ , සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් වෙත පක්ෂ නායකයා තේරීමේ අවස්තාව ලබාදිය යුතු බව සජිත් පාර්ශවය එක්සත් ජාතික පක්ෂය වෙත දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකයා තේරීමේ අවස්තාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි විය යුතු බවත් ඔවුන් සියළු දෙනාට නායකයා තේරීමට ජන්දය දීමට අවස්ථාව දිය යුතු බවත් සජිත් පාර්ශවය දැනුම් දී තිබේ

මෙම නිසා පක්ෂ නායකයා පත් කරගැනීමේ අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. සාමන්යෙන් එජාපයේ අභ්‍යන්තර කාරනා වලට පක්ෂයෙන් පිට පිරිස් සම්බන්ධ කර නොගන්නා අතර මේ වන විට එජාපයේ බලය බාහිර සිට ඇල්ලීමට බලා සිටින වවිවිධ පුද්ගලයින් ඉත්තන් ලවා බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයේ දරුනුවටම යෙදී සිටින බවයි වාර්තා වන්නේ.

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!