Breaking News
Home / ක්‍රිඩා / ඉතිහාසයේ පළමුවරට ලංකාව 20 20 තරගාවලියක් 3-0 ට ජයගයි

ඉතිහාසයේ පළමුවරට ලංකාව 20 20 තරගාවලියක් 3-0 ට ජයගයි

2-0 ලෙස ජයගෙන අද තරගයට ආ ශ්‍රී ලංකාව ලොව අංක එකේ 20 20 කණ්ඩායම 3-0 ලෙස සෝදා හැරීමට සමත්වුනා. පළමුව පන්දුවට පහරදුන් ලංකාව 147/7 යි. එහිදී අද කණ්ඩායමට වෙනස් කම් 5 සිදු කර තිබු අතර ජයග්‍රාහී ප්‍රභල නව කණ්ඩායම වෙනුවට තවත් පිරිසක් අත්හදා බැලුවා.

එහිදී ලෝක කුසලානයට සලකා නොලැබූ ඔෂධ ප්‍රනන්දු මංගල 20 20 තරගය සහභාගී වූ අතර මංගල තරගයෙන්ම අර්ධ ශතකයක් වාර්තා කළා. එය වාර්තාවක් වන අතර ලංකාවේ ක්‍රීඩකයෙක් මංගල තරගයෙන් අර්ධ ශතකයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

ඔෂධ පන්දු 48 ට ලකුණු 78 යි. හයේ පහර 3 සහ හතර පහර 8 ක් එයට ඇතුලත්. අනෙක් කිසිවකු ලකුණු 15 ක්වත් ලබා නොගැනීම විශේෂත්වයක්. පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණු 27 යි කඩුලු 3 යි.

අද තරගය ජයගත්තේ පන්දු යවන්නන්ගේ දක්ෂතාවෙන් වෙන අතර පකිස්ථානය ලබා ගත්තේ ලකුණු 134/6 පමණයි. සොහෙල් ලකුණු 52 යි. හසරංග නැවත කඩුලු 3 ලබාගත් අතර රාජිත එක කඩුල්ලක් ලකුණු 17 ටද ලහිරු කඩුලු 2 ලබාගත්තා.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා බවට පත්වුයේද වනිදු හසරන්ගයි. විශේෂත්වය වන්නේ පළමු පෙළ ක්‍රීඩකයන් නොමැති වුවත් නව ක්‍රීඩකයින් ගණනාවක් සොයාගැනීමට හැකිවීමයි. මේ අනුව ජේෂ්ඨ යන ක්‍රීඩකයින්ගෙන් කිහිප දෙනෙක්ට පමණක් ඉදිරි තරග සදහා අවස්ථා ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව අවධානම් සහගත පකිස්ථාන සංචාරය අද දිනයේ අවසන් වන්නේ ඉතිහාසගත ක්‍රිකට් ඉතිහාසයක් ඉතිරි කරමින්. මීලග තරගාවලිය එළබෙන 27 වනදා ඔස්ට්‍රලියාව සමග පළමු 20 20 තරගයෙන් ඔස්ට්‍ර්ලියවේදී ආරම්භ වීමට නියමිතයි.

About article14

Check Also

එජාපයෙන් ඩිල්දාස අලුතින් බෙර ගසා ගෝඨාට එක්වෙයි

අධිකරණ ඇමතිව සිට වසර 3 පමණ කිසිදු ක්‍රියාමාර්ගයක් රාජපක්ෂ වරු වෙනුවෙන් ගන්නට නොදුන්නායයි එජාපයෙන්ම චෝදනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!