Breaking News
Home / දේශීය පුවත් / ඇලෝසියස්ගේ ජනයුගය ලෙඩ ඇඳේ පණ අදී සේවකයන්ට මාස දෙකකින් පඬි ගෙවලා නෑලු

ඇලෝසියස්ගේ ජනයුගය ලෙඩ ඇඳේ පණ අදී සේවකයන්ට මාස දෙකකින් පඬි ගෙවලා නෑලු

දැනට මහ බැංකු බැදුම්කර වංචාවට චෝදනා ලබා ඇති අර්ජුන් අලෝසියස් නැමැත්තා මීට කලකට පෙර ආරම්භක කල ජනයුගය පුවත්පතේ 250කට අධික සේවකයන් සහ මැක්ස් ටීවී සේවකයන්ට ආදී සියලු අයට පඩිගෙවීම මගහැර ඇත. පුවත් පතේ ආරම්භය පටන්ම පඩි දිනය දවස් පහක් හයකින් පසු කර අද වනවිට මෙසේ පඩි ලබා දීම නවතා ඇත.

මීට පෙර එහි ප්‍රාදේශීය පුවත් වාර්තාකරුවන්ට, නිදහස් මාධ්‍යවේදීන්ට නිදහස් ඡායාරූප ශිල්පීන්ට, චිත්‍රශිල්පීන්ට ගෙවීම අතහැර දමා ඇති අතර එහි ප්‍රධානියා වන තුෂාර ගුණරත්න පවසා ඇත්තේ “ලියන්න බැරි උන් ඕනෑ පත්තරයකට යමල්ලා ලෙසය”.

මෙම පඩි පරක්කුව නිසා වෙළද අංශයේ ප්‍රධානි රංග පෙරේරා තමන් ඉවත්ව යනබවට ඇලෝසියස්ව බියගැන්වීමෙන් පසුව එම අංශයට පමණක් පඩිගෙවා ඇත. අනිත් සියලුම සේවකයන් පඩි නැතිව දැනට දින හතලිස්පහක් බලාගෙන සිටි.

පසුගිය සිකුරාදා දිනයේදී පඩි ගෙවන බවට තුෂාර ගුණරත්න තම සේවකයන්ට පැවසුවත් සිකුරාදා දිනයෙදී ඔවුන්ගේ මානව සම්පත් කලමණාකාරවරයා පවසා ඇත්තේ පඩි දවස ගැන තමන් නොදන්නා බවයි. දැනට ජනයුගය පුවත්පත පවත්වාගෙන යන වොක්ෂුවල් වීදියේ ගොඩනැගිල්ලේ මාසික කුලිය අප්‍රේල් මස සිට මෙතෙක් ගෙවා නැත. එම ගොඩනැගිල්ලේ හිමියා තමන්ට ගෙවන්න තියෙන හිග මුදල් නොගෙව්වොත් බිල්ඩිමෙන් එලියට ඇදලා දාන බව ඒ අසලටම පැමිණ තර්ජනය කර ඇත.

එමෙන්ම තුෂාර ඇතුළු මහමොලකාරයන් එදා මව්බිම පුවත්පතෙන් ඉවත් වෙද්දී ඔහුගේ ආරාධනය මත පැමිනි ජනයුගය මාධ්‍යවේදීන් ගණන් නොගෙන ඉන්නා මට්ටමකට පත්ව ඇත. මේ හේතුව නිසාම මව්බිම, රිවිර, ලක්බිම ඇතුළු පුවත්පත්වලින් පැමිණි සේවකයන් තමන්ගේ එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව බලවත් අසීරුතාවයකට ලක්වී ඇත. කෙසේ වෙතත් ආරංචි වන පරිදි එදා මව්බිම අසීරුතාවයකට පත්ව ඇති අවස්ථාවන් වලදී ටිරාන් අලස් තම සේවකයන්ට පඩි දීම පැහැර නොහැර සිටියද එවන් දේකටවත් පම්පෝරි ගසපු ජනයුගය හිමිකාර ඇලෝසියස්ට නොහැකිව ඇත.

පොදු ජනතාවගේ EPF මුදල් බිලියන ගණනනින් සොරා කෑ අර්ජුන් අලෝසිස් තම සේවකයන්ගේ මාසික EPF සහ ETF මුදල්ද සොරා කා ඇති බව සේවකයන් පවසා සිටිනවා. මෙම ආයතනය ආරම්භයේ පටන් අදාල මුදල් සේවකයන්ගේ වැටුප් වලින් අඩුකරගෙන ඇති නමුත් ආයතනයේ කොටස සහ සේවකයාගේන් අඩුකළ කොටස අදාළ ආයතන වලට මෙතෙක් ගෙවා නොමැත.

අභ්‍යන්තර ආරංචි වලට අනුව ඇලෝසියස් දැනටමත් පත්තරය ගැන අදහස අතහැර ඇත. මෙම පුවත් පත මිලදීගැනීමට ව්‍යාපාරිකයින් කීපදෙනෙකු අලෝසියස්ට කැමැත්ත පල කර සිටියත් පුවත්පතේ ප්‍රධානියා විදිහට කටයුතු කරන තුෂාර ගුණරත්න කියන අවස්ථාවදී, අසාර්ථක මාධ්‍යවේදියා නිසා එම ව්‍යාපාරිකයන් එම ගනුදෙනුව සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ඇලෝසියස් තම සේවකයන් ගැන අබමල් රේණුවක්වත් නොසිතමින් පඩි අද දෙනවා හෙට දෙනවා යැයි කීවද තුෂාර ගුණරත්න, උපුල් ජෝශප්, සදුන් ජීවන්ත, කපිල පුංචිමානගේ, දීපති අධිකාරි, මධුසංඛ පෙරේරා වැනි අය තම සේවකයන් වෙනුවෙන් පෙනී නොසිට සිදුකර ඇත්තේ බලවත් දෝහිකමකි. කෙසේ වෙතත් පවතින තත්වය මත තවදුරටත් ජනයුගය සදහා වෙළද දැන්වීම් ලබා නොදීමට දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගම් රැසක් තීරණය කර ඇත.

source : lankahitgossip.com

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!