Breaking News
Home / දේශීය පුවත් / ඇල්පිටිය ඡන්දය පුම්බා රැල්ල එතැනයි පෙන්වන්න ලංකාදීපයෙන් හා මාධ්‍යවලින් සැලැස්මක්

ඇල්පිටිය ඡන්දය පුම්බා රැල්ල එතැනයි පෙන්වන්න ලංකාදීපයෙන් හා මාධ්‍යවලින් සැලැස්මක්

එළබෙන සිකුරාදා එනම් 11 වනදා ඇල්පිටිය කුඩා ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පෙන්වා ජනාධිපතිවරණය ජය ගන්නේ පොහොට්ටුව නම් රටේම රැල්ල ඇත්තේ ගෝඨාබයට බව පවසා පසුදා දැවැන්ත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙන්ම පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කිරීමට නියමිත් බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

එයට මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ලංකාදීපය බවයි වාර්තා වන්නේ. ඒ පසුගියදා ඇල්පිටියේ එජාප අපේක්ෂකයකු මුළු ගමම දඹදිව රැගෙන ගියා යනුවෙන් බොරු ප්‍රවෘතියක් නිර්මාණය කිරීම හා දිගින් දිගටම ඇල්පිටිය නම් වූ කුඩා ගමක චන්දයක් පෙන්වා ඒ මත රටේ දේශපාලන මතය මාධ්‍ය ගේමක් මගින් වෙනස් කිරීමට අදාළ මාධ්‍ය වලට කොන්තරත්තුවක් බාර දී ඇති පසුබිමකයි.

විජය පුවත්පත් ආයතනයට අයත් පුවත්පතක් වන ලංකාදීපය හිමිකාරත්වය දරන්නේ රුවන් විජේවර්ධන පවුල වුවත් යහපාලන ආණ්ඩුව පටන් ගත් දින සිටම එජාපයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ එම සමාගමේ කතුවරුන් වැඩි ප්‍රමාණයක් මහින්ද වාදීන් වීම නිසයි. එහෙත් එජාපය මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය කියමින් 2015 ට පෙර මාධ්‍ය මර්ධනය කල පිරිස් අතින් කුමන්ත්‍රණයට හා දුෂණය ලක්වෙමින් අනාත වී ගොස් අවසන්.

එහි ආසන්නතම අවස්තාව වනුයේ ඇල්පිටියේ එජාප රැස්වීමක් ලෙස පෙන්වමින් හිරු දෙරණ ඇතුළු පොහොට්ටු හිතවාදී මාධ්‍ය කුඩා වීඩියෝවක් පළකිරීමයි. ඒ දිනක දාරානිපාත වර්ෂාවක් නිසා සියල්ල විසිරි ඇති අවස්තාවක රැස්වීම අවසන් කරන්න තත්පර ගණනකට පෙර කුඩා කොටසක් පෙන්වමින්. ඇල්පිටියේ පොහොට්ටුව එජාපය හා අනෙක් සියල්ලන් පැවැත්වූ රැස්වීම් කුඩා රැස්වීම් වූ අතර මුළු ප්‍රාදේශීය සභාවටම චන්දය දීමට සුදුසුකම් ලබා ඇත්තේ 40000 ක වැනි කුඩා ප්‍රමාණයක්.

පොහොට්ටුවේද අවසන් දැවැන්ත රැළියක් පැවැත්වූ අතර එය මාධ්‍ය මගින් ඉහලින් ප්‍රචාරය කර එජාපයේ කුඩා රැස්වීමක් පෙන්වා මඩ ගැසීමට සැලසුම් කර තිබී ඇති අතර එය හිරු මාධ්‍ය විසින් අකුරටම ඉෂ්ඨ කර ඇත.

මෙවර මැතිවරණය දින 52 දී මහින්ද හා සිරිසේන පිලට සියලුම පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය තොරතුරු එක පාර්ශවයකට පමණක් වාසි වන ලෙස වාර්තා කලාක් මෙන් මැතිවරණ රීති කඩ කරමින් තම අපේක්ෂකයන් වෙනුවෙන් කටයුතු කරමින් සිටි.

විශේෂම කාරණය වන්නේ අගමැති රනිල්ගේ අයියා සහා අයියාගේ දුව විසින් පවත්වාගෙන යන ටි එන් එල් ආයතනය සජිත්ගේ ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙක් කොටසක් නොලැබීම මත ගෝඨාභයට සහය දැක්වීමට ඉදිරිපත්විමයි. ඉෂිනි වික්‍රමසිංහ මේ වන විට උග්‍ර ගෝඨාවාදියකු වී තිබේ.

දකුණ හා ඇල්පිටිය වැනි ආසන පොහොට්ටුවට වාසි සහගත ආසන වන අතර මෙම චන්දය යාපනයේ ප්‍රාදේශීය සභාවක පැවත්වුවනම් දෙමල ජාතික සන්ධානය ජය ගන්නා අතර ජනාධිපති රැල්ල ඇත්තේ සම්බන්ධන්ටදැයි විචාරකයන් මත පල කරනවා. රටේ සමස්ත කැමැත්තෙන් රටේ නායකයා තෝරන අවස්තාවක කුඩා ගමක කුඩා චන්දයකින් ජනාධිපතිවරණයක් මැනිය නොහැකි බවයි පසුගියදා 360 ට පැමිණි වජිර අබේවර්ධන පැවසුවේ.

පසුගිය ජනපතිවරණයේ වැඩි හරියක් ජයගත්තේ උතුරු නැගනහිර බදුල්ල නුවරඑළිය මාතලේ නුවර කොළඹ වැනි දිස්ත්‍රික්ක බවත් පොහොට්ටු කණ්ඩායම් බහුතරය දකුණෙන් ජයගත්තත් අවසානයේ අගමැති හා ජනපති පත්වුයේ එජාප කණ්ඩායම නිසා කුඩා ගමක චන්දය ජනාධිපතිවරනයේ ප්‍රතිපල වලට කිසිසේත්ම අදාල නැති බවයි පවසන්නේ.

කෙසේ වෙතත් අගමැති ප්‍රේමදාස ජනපතිවරණයට ඔන්න මෙන්න තබා පැවැත්වූ අතුරු මැතිවරණයෙන් පරාජය වී 88 ජනපතිවරණය අවස්ථාවේදී ද මෙවන් මතයක් සිරිමාවෝ ඇතුළු නිදහස් පක්ෂය ගෙන ගියත් අවසානයේ ප්‍රේමදාස රටේම මතය අනුව ජයග්‍රහණය කළා.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!