මේ ඇල්පිටියේ අවධි නම් වූ උපකාරක පන්ති ආයතනයකින් යැවූ දැන්වීමක් ගැන කථාවක්. ළමුන් කුඩා කල සිටම ටියුෂන් කඩවලට යැවීම වර්ථමාන ලංකාවේ කේදවාචකයයි. ශිෂ්‍යත්වයට ළමුන් මරාගෙන කන දෙමව්පිය හා ගුරුවරුන් පිලිබද කථා බහක් සමාජයේ තියෙනවා.
බොහෝ විට මේ කාලයේ ළමුන් මිදුලට බහින්නෙවත් නැති අතර දෙමව්පියන් ළමුන්ව එලියට පන්නන්නේ ඔවුන් බොහෝ වෙලාවට පරිඝනක එක්ක සිටින නිසයි. ඒ අමතරව ටියුෂන්. මේ වන විට තුන වසරේ සිට 5 ශිෂ්‍යත්වයට ටියුෂන් යවයි.
මේ එහි අළුත්ම කථාන්දරය. එක වසරට එන කිරිසප්පයන්ට මොන ටියුෂන්ද? එසේ කිරිසප්පයන් ටියුෂන් යවනවානම් එම දෙමව්පියන්ට වෙනම දඬුවමක් දිය යුතුය. වර්ථමානයේ අප රටේ වැදගත් තනතුරු හා වෘතියන් වල නියලෙන උගතුන් අවම ටියුෂන් එකකට යන්නට ඇත්තේ සා.පෙලට විය හැක. ඔවුන් එසේ උගතුන් වූයේ එක වසරේ සිට ටියුෂන් ගොස් නොවෙයි.
මුදල් මත අම්මා අප්පා පවා විකුණන මෙවන් කාලකන්නින් රටේ අනාගත පරම්පරාව රුපියල් ශත වෙනුවෙන් පාවා දෙන්නේ පෙරපාසලකින් නම් ලයිස්තුවක් ගෙන එක වසරට ටියුෂන් සදහා තෝරාගෙන ඇති බව කියමින් මාර්කටින් පාරක් දෙමින්. එහි හොදම කොටස වන්නේ මකන පැන්සල් ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය උන්ගේ ගුබ්බෑයමේම ඇති ලිපිද්‍රව්‍ය කඩෙන්ම රැගෙන එන මෙන් දැන්වීමයි.
මේ රටේ ජීව නාලිය වන අනාගත පරපුර කාලකන්නින්ගේ මාර්කටින් වලට පාවාදීම පිලිබඳ සොයා බලන්න මේ රටේ නීතියක් ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් නැති වීම ශෝකජනකය. දහම් පාසල් දින ටියුෂන් නවත්තන්න කියමින් වසර ගනනක් කෑ ගැසුවත් එයට විසදුමක් නැත්තේ ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් කාරයින් රටේ දේශපාලනයේ සිටින නිසා විය හැක.
රටේ ළමා පරපුර ඉපදී වසර 5 ක් ගිය තැන පටන් මරණය තෙක් පීඩනයට පත් කරන මේ කාලකන්නි ක්‍රමවේදය නතර කල යුතුය. අඩුම තරමින් ටියුෂන් යාමට අවම වයසක්වත් මේ රටේ ප්‍රථිපත්ති හදන උන්ට හදාගැනීමට බැරිවීම කේදවාචකයක්.