Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකාව GSP බදු සහනය කපා දමයි. ඊශ්‍රයල් සිද්දියට ඇමරිකාවට එරෙහිව ඡන්දය බාවිත කිරීමේ පලියක්ද?

ඇමරිකාව GSP බදු සහනය කපා දමයි. ඊශ්‍රයල් සිද්දියට ඇමරිකාවට එරෙහිව ඡන්දය බාවිත කිරීමේ පලියක්ද?

ශ‍්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ.

ඇමරිකාව විසින් ගෙන ඇති මෙම තීරණය ශ්‍රී ලංකාව මෙන්ම එම බදු සහනයෙන් ප්‍රතිලාභ ලැබූ අන් රටවලටද බලපායි.
මේ අනුව ශ‍්‍රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි.

ශ‍්‍රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් ලැබෙයි.

රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි.

බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ‍්‍රී ලංකාවට සිදුවෙයි.

2016 වර්ෂයේදී පමණක් ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 2.8 ක භාණ්ඩ ඇමරිකාවට අපනයන කර තිබේ.

About article14_2

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!