Breaking News
Home / කාටූන් / ඇමරිකාව තීන්දු ගන්නේ ජනාධිපතිගේ අවශ්‍යතාවලට නෙවේ – රනිල් ඇමරිකාව ගැන කියලා

ඇමරිකාව තීන්දු ගන්නේ ජනාධිපතිගේ අවශ්‍යතාවලට නෙවේ – රනිල් ඇමරිකාව ගැන කියලා

ඇමරිකානු ජනපතිවරණය ගැන හැමෝම බලා සිටින බවත් බයිඩන් දින්නොත් ලංකාවට අවාසි බව ආණ්ඩුවේ පාර්ශව අදහස් දක්වමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසා ඇත්තේ එජාප නායකයා සමග පක්ෂයේ කිහිප දෙනෙක් zoom ඔස්සේ පැවති සාකච්ඡාවක. මේ දිනවල කොරෝනා තත්වය නිසා එජාප නායකයා බොහෝ මුහුණට මුහුණ හමුවීම් නවතා දමා නව තාක්ෂණ ක්‍රම ඔස්සේ සාකච්චා හා රැස්වීම් පවත්වන බව සදහන්.

කෙසේ වෙතත් වජිරගේ ප්‍රශ්නයට එජාප නායකයා පිළිතුරු දී ඇත්තේ බයිඩන් දින්නත් ට්‍රම්ප් දින්නත් ඇමරිකාවේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැ. මානව හිමිකම් ගැන එයාලා කොහොමත් උනන්දුයි රාජ්‍ය ලේකම් ආවේ ලංකාවේ ස්ථාවරය දැනගන්න මිසක් ට්‍රම්ප්ගේ දේශපාලනය කතා කරන්න නෙවේ විදේශ ප්‍රතිපත්ති ගැන තීන්දු ගන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රමුකතා මිසක් ජනාධිපතිගේ අවශ්‍යතා මත නෙවේ එහෙ තියෙන්නේ ස්ථිර ප්‍රතිපත්ති බව පැහැදිලි කර තිබෙනවා.

ලංකාවේ දැනට සිටින විදේශ සම්බන්ධතා ඇති අතිශය පරිනතම දේශපාලකයා වන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති වරයා වන අතර සති අන්ත මව්බිම පුවත්පතේද මේ පිළිබද වාර්තාවක් පලවුවා. පාස්කු ප්‍රහාරය දිනයේ සින්ගපුරුවේ සිටි හිටපු ජනාධිපති ලංකාවෙන් ආ ඇමතුමක් නොගැනීම සම්බන්ධයෙන් වාර්තාවක්ද මව්බිම වාර්තා කර තිබුනේ ‘කැබිනට් එක’ යන විශේෂාංගය යටතේ.

About article14

Check Also

මෙවර පොහොට්ටුවට තුනෙන් දෙක නැති බව බැසිල් විසින්ම පිළිගනී, සැලුන් දොර විවෘතයි

පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ (2) මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූව අතර එහිදී ඔහු පවසන්නේ 130 කට වඩා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!