Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකාවේ ඩොලරය ශක්තිමත්වීම නිසා ලංකාවෙන් ඩොලර් මිලියන 443 ක් ආපසු ආයෝජන අරන් ගිහින්. ලංකාවේ මෙවර නයපොලි වාරිකය මිලියන ලක්ෂ 6.5

ඇමරිකාවේ ඩොලරය ශක්තිමත්වීම නිසා ලංකාවෙන් ඩොලර් මිලියන 443 ක් ආපසු ආයෝජන අරන් ගිහින්. ලංකාවේ මෙවර නයපොලි වාරිකය මිලියන ලක්ෂ 6.5

ඇමරිකාවේ ආර්ථික සීග්‍රයෙන් දියුණු වී තිබෙන බවත් ට්‍රම්ප් බදු සහන දී ඇති නිසා මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩිවී ඇති බවත් අගමැති රනිල් පවසනවා. 2008 දී ඇමරිකා ආර්ථික කඩා වැටීම ලංකාව හා ලෝකයේ අනෙක් රටවල මුදල් ශක්තිමත් වීමට බලපෑ බවද පවසනවා.

එසේම ඇමරිකානු මහා බැංකුව පොලි වැඩි කර ඇති අතර ලංකාව වැනි රටවල සිටින ආයෝජකයින් තම ආයෝජන ඇමරිකාවට ගෙන යාමට හා කොටස් වෙළදපොල ආයෝජන වලට වැඩියෙන් නබුරුවිමත් ලංකා රුපියල කඩා වැටීමට හේතු වූ බව අගමැති පවසනවා.

එයින් අපේ රටේ ඩොලර් සංචිත අඩුවී අපේ මුදල කඩා වැටීමට හේතු වෙනවා. මෙය ලෝකයේ සියලු රටවලටම බලපෑ ඇති අතර ඉතාලියේ යුරෝ එක 1.3 කින් පවුම 1.3 කින් ඔස්ට්‍රේලිය ඩොලරය 6.5 කින් ඉනිදියාව 11% කින් මුදලේ අගය පිරිහී තිබෙනවා.

ඩොලරය වැඩිවීමෙන් තෙල් මිල වැඩිවෙනවා වගේම ඇමරිකාව ඉරාකයට රුසියාවට තහංචි පැනවීම නිසා තෙල් වෙළදපලට නොපැමිණීමෙන් ඉතිරි තෙල් සදහා අදික ඉල්ලුමක් ඇතිවෙනවා බවයි අගමැතිගේ අදහස.

2015 දී තෙල් බැරලය 45 ක් වූ අතර පසුව එය 80 වී දැන් 77 වී ඇති බවයි පැවසෙන්නේ. ලංකාවේ කොටස් වෙලදපලින් ඩොලර් මිලිය 443ක් පිටවිඅති බව අගමැතිවරයා පවසනවා. මෙවැනි හේතු වලකා ගැනීමට ඉන්දියාවපිලිපීනය ඉන්දුනිසියාව ආර්ජන්ටිනාව වැනි රටවල් පොලි අනුපාත ඉහල දමා තිබෙනවා. එයින් පිටවන මුදල් නතර කල හැකි. එහෙත් ලංකාවේ එසේ කළහොත් තවත් ව්‍යාපාරික ප්‍රජාව බිද වැටිය හැකි නිසා එසේ නොකරන බව අගමැති වරයා පවසනවා.

රුපියල 9% අවප්‍රමාණය වී ඇති අතර ආනයන සදහා වැඩි ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය අතර අපනයන කරුවන් රුපියල බාල්දු වන නිසා වැඩිම මිල ලැබෙන තුරු තම ඩොලර් ලංකාවට නොගෙන එම නිසා තවත් ඩොලර් හිගයක් ඇතිවී රුපියල බාල්දු වෙන බව රනිල් අගමැතිවරයා පවසනවා.

එසේම චීනය ඇමරිකාව ඇමරිකාව කැනඩාව ජපානය ඇමරිකාව අතර තීරුබදු යුද්දයක් ඇතිවී ඇති අතර මේ තවත් මාස ගණනක් පවතින බවයි අගමැතිගේ මතය. එහිදී ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම ලොකු අභියෝගයක් බවයි පවසන්නේ.

ලබන වසරේ නයපොලි වාරික ඩොලර් මිලියන 4000 ක් ගෙවීමට ඇතිබව අගමැතිවරයා පවසනවා. 2012 දී ඩොලරය 113 සිට 131 එක දක්වා කඩා වැටීමේදී හරි තීරණ නොගැනීම අගමැතිවරයා මතක් කර සිටිනවා.

පසුගියදා රුපියල හා ආර්ථික කඩා වැටීම ගැන මාධ්‍යට ඉදිරිපත්වූ හිටපු මුදල් ඇමති හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදියකු මෙය කඩා වැටුන විදිහිය හා ගොඩනගන ආකාරය පවසන්න යනුවෙන් පැවසු විට උත්තර දීමටවත් හැකියාව නොමැතිවිය. රටක මුදල් ඇමති වරයකි කිසිදු අවබෝධයකින් තිරව රටේ හදවත වන ආර්ථිකය පාලනය කිරීම තුලින් මේ රටට ඇතිවී තිබෙන තත්වය පිළිබද අමුතුවෙන් පැවසීමට දෙයක් නැත.

2003 අගමැති රනිල් මහින්ද මහතාට ආණ්ඩුව ලබා දෙන විට රුපියල 96 ක් වූ අතර නැවත 2015 දී එය අත් හරින විට ඩොලරය 131 ක් වුවා. ලංකාවේ ඩොලරය දිගින් දිගටම වැඩිවීම හැර එය ස්ථාවරව තිබී නැති අතර මෑත කාලයේ ඉතා වේගයෙන් ඩොලරයේ අගය වැඩිවීමට ලෝක ආර්ථික ගැටුලු දැඩි ලෙස බලපෑ ඇත

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!