Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකාවේ ඉන්න අපේ අයට සුබ ආරංචියක් අලුතින් පුරවැසිබාවය ලැබෙන්නේ මෙහෙමයි

ඇමරිකාවේ ඉන්න අපේ අයට සුබ ආරංචියක් අලුතින් පුරවැසිබාවය ලැබෙන්නේ මෙහෙමයි

යොවුන් වියේදී ඇමරිකාවට පැමිණ එහි නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ලෙස රැඳී සිටින දහඅට ලක්ෂයක් දෙනාට ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සඳහා ජනාධිපති ට්‍රම්ප් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එය සංක්‍රමණිකයන් පිලිබඳ ඔහුගේ ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් ලෙසයි සැලකෙන්නේ.

පසුගියදා ඇමරිකානු රජය අක්‍රිය කිරීමට ඉවහල් වූ වියදම් ඇස්තමේන්තු අනුමත කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වූයේ ඩ්‍රීමර්ස් හෙවත් ඇමරිකානු සිහිනය සැබෑ කර ගැනීමට යොවුන් වියේදී එහි පැමිණි සංක්‍රමණිකයන්ට සහනයක් සැලසීමයි.

කෙසේ නමුත්, ඔවුන්ට පුරවැසිභාවය ලබාදීමේ යෝජනාවට ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයෙන් විරෝධතාවක් මතුවිය හැකි බව සඳහන්.

එමෙන්ම, ඇමරිකානු පුරවැසිභාවය ලැබූ සංක්‍රමණිකයන්ට තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පුරවැසිභාවය ඉල්ලීමේ වරම අහෝසි කිරීමට ද ජනපති ට්‍රම්ප් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට ඇමරිකාවට ගෙන්වා ගත හැකි වන්නේ සිය බිරිඳ හෝ සැමියා පමණයි.

About lanka

Check Also

අධිවේගි මාර්ගයේ බස් ගාස්තු ඉහල යන්නේ මෙහෙමයි

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අධිවේගී මාර්ගවල ධාවනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!