Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකාවෙන් ඉරානයට නොවැම්බරයේ සම්බාධක. අපේ තේ කර්මාන්තයත් අනතුරේ. චීනයේ ආර්ථිකයත් අර්බුධයකට. චිනේ නය ආධාරත් නවතියි

ඇමරිකාවෙන් ඉරානයට නොවැම්බරයේ සම්බාධක. අපේ තේ කර්මාන්තයත් අනතුරේ. චීනයේ ආර්ථිකයත් අර්බුධයකට. චිනේ නය ආධාරත් නවතියි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් චීනය සමඟ කරන වෙළෙද ගණුදෙනුවලදී අධික බදු ක්‍රියාත්මක කිරිමත් හේතුවෙන් කල්තියා මුහුණ දිමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත ඊයේ (01) උපදෙස් දෙනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් අනුව මුදල් අමාත්‍යංශය, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යන අමාත්‍යංශ හා ශ්‍රී ලංකා මහ බැංකුව මූලිකත්වයෙන් ඉදිරියේදි ක්‍රමෝපාය සැලසුම් සකස් කිරිමට නියමිතය.

ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නොවැම්බරයේ සිට ක්‍රියාත්මක විම ඇරóමත් සමඟ ශ්‍රී ලංකා තේ ඉරානය වෙත යැවිමට නොහැකි වනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි

ඊට අමතරව චිනයට එරෙහිව ඇමරිකාව විසින් පනවා තිබෙන තීරු බදු හේතුවෙන් ඉදිරියේදි චින රජය ණය ආධාර හෝ ප්‍රදානයන් සඳහා නොයනු ඇතැයිද ආර්ථික විශේෂඥයෝ රජයට උපදෙස් දෙති. ගෝලීය ආර්ථිකයට සෘජුව බලපාන ඉහත ප්‍රමුඛතා හමුවේ ඇති වන ආර්ථික අර්බුදයේදි රුපියලේ අගය ආරක්ෂා කර ගනිමින් ගතයුතු ක්‍රියාමාර්ග ඉදිරි සතිය තුළ සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.

Image result for china economy

රජයේ ආර්ථිකයට සම්බන්ධ අංශ සකස් කරන ක්‍රමෝපාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරයයෙන් පසු ක්‍රියාවට නංවනු ඇත.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!