Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකානු හිටපු තානාපති බ්ලේක් ගෝටට සහතික දුන්නට එය ඇමරිකාවේ ස්ථාවර නොවන බව ඇමරිකාව කියයි

ඇමරිකානු හිටපු තානාපති බ්ලේක් ගෝටට සහතික දුන්නට එය ඇමරිකාවේ ස්ථාවර නොවන බව ඇමරිකාව කියයි

ඇමරිකානු හිටපු තානාපති රොබටෝ බ්ලේක් මේ වන විට ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ හෝ රජයේ කිසිදු තනතුරක් නොදරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශයකු සදහන් කළේය.

ඔහු මීට කලායකට පෙර ඇමරිකානු රාජ්ය් සේවයෙන් ඉවත් වූවෙකු බවත් ඇමරිකානු ජාතික සිවිල් පුරවැසියෙකු පමණක් බවත් තානාපති කාර්යාලය සදහන් කරයි.

රොබටෝ ඕ බ්ලේක් මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මන්ත්‍රනයකදී ඇමරිකානු ජාතික ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ආකාරය ප්රරශංසාවට ලක් කොට තිබුනි. මිලින්ද මොරගොඩ මහතා අනුශාසකත්වය දරන පාත්ෆයින්ඩර් ආයතනය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුනි.

එහිදි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකානු රජයට කිසිදු බැදිමක් නොමැති බව පවසන කොළම ඇමරිකානු තානාපති කාර්යාලය ඔහුගේ ස්ථාවරය ඇමරිකා‍වේ ස්ථාවරය නොවන බවද ප්‍රකාශ කළේය.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!