Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හදිසියේ ඇමරිකන් විරෝධී පිලේ මහින්දව මුණගැසෙයි

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හදිසියේ ඇමරිකන් විරෝධී පිලේ මහින්දව මුණගැසෙයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඒ විජේරාම පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අනුව මෙම හමුව සිදුව තිබෙනවා. එසේම පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිතව තිබෙන අතර එවන් පසුබිමක මෙම හමුව සිදුව තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Alaina B Teplitz ද සහභාගී වී තිබෙනවා. මහින්ද තම ඇමරිකානු සහෝදරයන් දෙදෙනා සමග අපේක්ෂකයා නම් කිරීමට පැය ගනන්නක් තිබියදී මෙම ප්‍රභල රාජ්‍යතාන්ත්‍රිකයන් මුණගැසීම පිළිබද යම් සැගවුන කාරණයක් තිබිය හැකි බවයි කොළඹ දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ.

බැසිල් රාජපක්ෂ ඇතුළු සිය පවුල ඇමරිකන් පුරවැසියන් වන අතර ගෝටාභය තම පුරවැසිභාවය හරිහැටි ඉවත් කරගත්තාද නැද්ද යන්න නිල වශයෙන් ප්‍රකාශ කරද නැත. 19 වන සංශෝධනය අනුව වෙනත් රටක පුරවසිබාවයක් ගත් අයකුට ලංකාවේ ජනපති විය නොහැකි. 2015 දී මහින්දගේ පරාජයත් සමග එදා රාත්‍රියේම බැසිල් සහා බිරිද වහාම ඇමරිකාව බලා පිටත්ව ගියේය.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!