Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකන් ඩොලරය එක දිගට ශක්තිමත් වීමෙන් ලෝකයේ හැම රටක්ම අර්බුධයක ලංකාවට වඩා ඉන්දියාව පිඩනයකින්. ජාත්‍යන්තර වෙලදාමත් දැන් අවදානමේ

ඇමරිකන් ඩොලරය එක දිගට ශක්තිමත් වීමෙන් ලෝකයේ හැම රටක්ම අර්බුධයක ලංකාවට වඩා ඉන්දියාව පිඩනයකින්. ජාත්‍යන්තර වෙලදාමත් දැන් අවදානමේ

සැම රටක්ම ගෝලීය ආර්ථික අර්බුධයකට ලක්ව ඇති බව අගමැති මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ මිලියන 40 ක වියදමින් නව ගොඩනැගිල්ල විවෘත කිරිමේදී පවසා සිටියා.

කුමන ආර්ථික බාධා තිබුනත් අධ්‍යාපනය සෞඛ්‍ය සදහා කිසි විටක මුදල් වෙන් කිරීම අඩු නොකරන බව අගමැති වරයා පවසා සිටියා. එසේම පාසල් වලට ගොඩනැගිලි 6000 ක් ලබා දීම මේ රජයෙන් කර ඇති බවද පවසනවා. එසේම ශිෂ්‍ය රක්ෂණය ආරම්භ කිරීමත් අගමැතිවරයා මතක කර සිටියා.

මේ වන විට ඩොලරය ශක්තිමත් වීම නිසා අනෙක් සියලුම රටවල් වල ආර්ථිකය කඩා වැටෙමින් යන බව අගමැතිවරයා අවධාරණය කරනවා. තෙල් මිල බඩුමිල ලෝකයේ සැමතැනම ඉහල යාමට පටන් ගෙන ඇති අතර තීරු බදු ගට්ටනය නිසා ජාත්‍යන්තර වෙලදාමටද මේ වන විට ප්‍රශ්නයක් වී ඇතිබව පවසනවා. මෙය දුප්පත් රටවල් වලට දැඩි ලෙස බලපෑ ඇති අතර ලංකාවටත් වඩා ඉන්දියාවට මෙය බලපෑ ඇති බව සදහන්.

දෙමව්පිය නිවසේ කොපමණ ගැටළු තිබුනත් තම දෙඅපල විකුණා හෝ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන නිසා රජයක් ලෙස කුමන බාධා තිබුනත් අධ්‍යාපනයට වැඩි ඉඩකඩක් රජය දෙන බව අගමැති රනිල් පවසනවා.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!