Breaking News
Home / දේශීය පුවත් / ඇමති ජෝන් සමග පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වෙන බව ජනපතිට දන්වයි.

ඇමති ජෝන් සමග පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වෙන බව ජනපතිට දන්වයි.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා එන සැප්තැම්බර්වලට පෙර අනිවාර්යයෙන්ම මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව යන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

මේ සම්බන්ධව එතරම්ම හොද ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා විසින් පෙන්වා නැති බවත් ජනාධිපතිවරයා බලාපොරොත්තුව වසර දෙක අවසන් වීමෙන් පසු තවත් කාලයක් ආණ්ඩුව හවුලේ කිරීමට බව වැටහුණු අමාත්‍යවරයා දැඩිව තම ස්ථාවරයේ සිටි බැවින් අවසානයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ යනවා නම් තනිවම යන ලෙසත් වෙන අයව යෑමට ධෛර්යමත් නොකරන ලෙසත් යයිද එම වාර්තා සදහන් කරයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට 20-25 ක් පමණ වන මැති ඇමති පිරිසක් ලබන සැප්තැම්බර් වලදි ඉවත්වීමට මේ වනවිටත් තීරණය කොට ඇතැයිද වැඩි දුරටත් දැක්වෙයි.

 

Infosrilanka

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!