ජනාධිපතිවරයාගේප ප්‍රධානත්වයෙන් පැවැති, හවුල් ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීම ඊයේ මැදියම් රැය ආසන්නයේ දී නිමා වුණා.
අද (10) දින පැවැත්විමට නියමිත කැබිනට් රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අමාත්‍යවරයෙක් සහභාගී නොවීමටයි
එහි දී තීරණය කර තිබෙන්නේ.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාතයවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් විසින් සිදුකල අපහාස හේතුවෙන්.
කෙසේ වෙනත් හවුල් ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මෙම රැස්වීමේ දී නොහැකි වී තිබෙනවා.
මේ හේතුවෙන් හෙට දිනයේ නැවත වරක් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට තීරණය කර ඇති අතර ආණ්ඩුව හැරයනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව එහි දී ගැනීමට නියමිතව ඇති බව එම පක්ෂය ප්‍රකාශ කරනවා.