Breaking News
Home / දේශීය පුවත් / ඇමතිලා ජනාධිපතිට ඔළුව අතගාලා ටොකු අනිනවා එයා ටොකු කාලා හොඳට ඉන්නවා. හෑල්ලු වෙන්නේ තනතුර – මහින්ද

ඇමතිලා ජනාධිපතිට ඔළුව අතගාලා ටොකු අනිනවා එයා ටොකු කාලා හොඳට ඉන්නවා. හෑල්ලු වෙන්නේ තනතුර – මහින්ද

Image may contain: 8 people, people smiling, people standing and outdoor

වත්මන් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම තමනට ලැජ්ජාවක් යයි කියමින් වත්මන් රජයේ ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කරන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඒ ආකාරයට ජනාධිපතිවරයා හෑල්ලු කිරීම රටත් ජනතාවත් හෑල්ලූ කිරීමක් යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැුළියක් අමතමින් ඒ මහතා මේ බව කීවේය.

‘කැබිනට් ඇමතිවරුම කියා ගන්නවා තමන්ට කැබිනට් එකේ ඉන්න ලැජ්ජයි කියල. කැබිනට් ඇමතිවරු ජනාධිපතිවරයා අපහසුතාවට පත් කරනවා. ඒක හරියට ඔළුව අතගාල ටොකු අනිනව වගේ වැඩක්. ජනාධිපතිත් ඒ ටොක්ක කාල හොදට ඉන්නවා. ඒත් ජනාධිපති තනතුර හෑල්ලු වෙනව කියන්නෙ රටත් ජනතාවත් හෑල්ලු වෙනව කියන එක’ යයිද රාජපක්‍ෂ එහිදී කියා සිටියේය.

 

About article14

Check Also

මැතිවරණය කල් දමයි මැකෝට යකා නගියි දිනය තීරණය කරන්නේ කොරෝනා බව කියයි

අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය කල් දමා තිබෙනවා. දින 14 ඇතුලත එය කිසිසේත්ම පවත්වන්නේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!